Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කසාද බදින එක මට සෙල්ලමක් නෙමෙයි, මොකද මම ගමක හැදුන සාමාන්‍ය කෙනෙක්

2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය හරහා කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් අද වන විට ජනතාව ආදරේ කරන කලා තරුවක් වෙන්න වාසනාවන්ත වුණු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී නිත්‍යා දේවින්දි. පසුගිය දා සම්මානයක් සදහා නිර්දේශවීමත් එක්ක හැමෝම ඇය ගැන කතා කරන්නට වුණා.

‘ පාර දිගේ ‘ ටෙලිනාට්‍යයේ මේ දිනවල හැමෝම බලන් ඉන්නේ සරණි සහ රෙහාන්ගේ ආදර කතාව ගැනයි. ඉතින් මේ ආදර කතාවට නැන්දම්මගෙන් සහ නෑනගෙන් එන බාහිර බලපෑම් ගැනයි හැමෝගෙම අවධානය යොමු වෙන්නේ. ඉතින් නිත්‍යා දේවින්දි කියන්නේ මේ වන විට විවාහ වෙලා සිටින කෙනෙක්.

ඇය සදහන් කරන ආකාරයට ඇයට කලා ක්ශේෂ්ත්‍රය තුල යන ගමනට කිසිම කෙනෙකුගේ සහයෝගයක් ලැබුණෙ නෑ. ඇගේ අම්මගේ සහ සැමියගේ සහයෝගය ඇතුව තමයි නිත්‍යා දේවින්දි මේ ගමන ඇවිත් තියෙන්නේ. ඉතින් ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ගොඩක් තැන්වලදි පළවෙනියා වෙලා නෑ. ඉස්කෝලෙ යන කාලේ කවදාවත් පන්තියේ පළවෙනියා වෙලා නෑ. මම අවසානේ හිටපු කෙනෙක්. මගේ විවාහය අහම්බයකින් ගත්ත තීරණයක්. ඉවෙන්ට්ස් වලට මට ආරාධනා කරලා හරි නෑ කියලා ගියේ. ඊට පස්සේ ඒ කතා බහ දුර දිග ගියෙ. මටනම් කසාද බදින එක අහම්බයක්වත් සෙල්ලමක්වත් නෙමෙයි. මොකද අපි ගම්වල හැදුන සාමාන්‍ය පවුල් වල මිනිස්සු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *