Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම බැදලා අවුරුදු 12කින් බබෙක් හැදුවෙ, රුවන්වැලිසෑයට ගිහින් මම ආත්මෙකට ආරාධනා කලා

නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන අපි කවුරුත් ආදරය කරන ඒ සුරූපිනිය තමයි නිරෝෂා තලගල කියන්නේ. පුංචි තිරය හරහා එකිනෙකට වෙනස් වුණු චරිත හරහා අපේ ආලින්දයට එන නිරෝෂා තලගල මේ වන විට පුංචි තිරය හරහා දැක ගන්න ලැබෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යය හරහා.

ගග ළග කඩේ සබීතා විදියට තමයි නිරෝෂා දක්ෂ රංගනයක යෙදෙන්නේ. ඉතින් නිරෝෂා තලගල අපේ ආදරණීය කලා ශිල්පිනිය නර්තනයටත් උපන් හපන්කම් දක්වනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම ඇය මේ වන විට උතුම් මව් පදවිය ලබා ගෙන තියෙන්නේ. ඉතින් ඇය ඇගේ සුන්දර කැදැල්ල හැඩ කරන්න ආව ඒ අමුත්තිය ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ වගේ අදහසක්.

” මම විවාහ වෙලා අවුරුදු 12 කින් තමයි බබෙක් හැදුවේ. මොකද මම විවාහ වෙලා අවුරුදු 11ක්ම හස්බන්ඩ් හිටියෙ රට. මම බුද්ධාගමේ නිසා හොදට කර්මය එහෙම විශ්වාස කරනවා. ඉතින් බබෙක් හදන්න කලින් මම රුවන්වැලි සෑයට ගිහින් ආත්මෙකට ආරාධනා කලා. මට හම්බවෙන්න කලින්ම මම හිතා ගත්තා මට ලැබෙන්නෙ දුවක් කියලා. ඒ ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා.’’

ඉතින් ඒ විදියටයි නිරෝෂා තලගල අපේ අදරණීය රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ. දරුවා දවසින් දවස ලොකු වෙන හැටි හරිම ආසාවෙන් බලන් ඉන්න ආදරණීය අම්මා කෙනෙක් තමයි ඇය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *