Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම දැන් සිංගල්, මට කෙනෙක් ජීවිතේට ළං කරගන්න බයයි

ගායන ක්ශේෂ්ත්‍රය තුළ මීට වසර ගණනාවකට කලින් සිටම අපේ ආදරය දිනා ගත්ත ඇය ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනි. නිරෝෂා විරාජිනි කියන්නේ ළමා කාලයේ සිටම ගායනය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු දක්ෂ ගායිකාවක්. ඉතින් සිංහල ගීත වගේම දමිළ ගීතත් ගායනා කරන්න පුලුවන් අපූරු හැකියාවක් ඇයට තියෙනවා. ඒ වගේම දමිළ භාෂාව මනාව කතා කරන්නත් පුලුවන් නිරෝෂා විරාජිනි ළමා කාලයේ ඉන්දියාවට පවා ගොස් ගීත ගායනා කරලා තියෙනවා.

ඉතින් හැමෝම ආදරය කරන නිරෝෂා විසින්ම ගායන තරගාවලි තුළින් දක්ෂ ගායකයන් තෝරා පත් කරගන්නවා. ඒ අතරින් කවුරුත් ආදරේ කරන ශිහාන් මිහිරංග ගායන ශිල්පියා තරගවැදුනු ගායන තරගාවලිය තුළ විනිසුරු මඩුල්ලේ හිටපු එක් සාමාජිකාවක් තමයි ඇය. ඉතින් පසු ගිය කාලයේදී නිරෝෂා විරාජිනි ගැන හැමෝම කතා කරන්නට වුනේ හිරු ස්ටාර් රියැලිටි තරගාවලියේ විනිසුරුවරියක් වීමත් එක්කයි.

එහිදී නිරෝෂාගේ කණ්ඩායම නියෝජනය කල අමීෂ මිනොල් තමයි කිරුළ හිමි කරගන්නට වාසනාවන්ත වුණේ. ඉතින් නිරෝෂා විරාජිනිය ඇගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු කිහිපයක් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” මම දැන් සිංගල්. මට බයයි මිනිස්සු මගේ ජීවිතේට ළං කරගන්න. මොකද මිනිස්සු ළං වෙන්නේ ඇත්තටම මටද නැත්තන් නිරෝෂා විරාජිනි කියන උඩින් පේන්න ඉන්න කෙනාටද කියලා. තනියම ඉන්නත් පුලුවන්. තනියම ළමයි හදන්නත් පුලුවන් අද කාලේ මොනවද බැරි.”

මේ විදියටයි ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනි ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා හදවතින්ම එක් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *