Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ උස අඩි 5 යි 7 යි, මම නිරූපනයට තමයි ගොඩක් කැමති

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නිරූපන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන ඇය සුරූපී නිලූෂි පවන්‍යා. මේ දිනවල ලංකාවේ තරුණයන්ගේ ක්‍රශ් එක බවට පත් වෙලා ඉන්න ඒ සුරූපිනිය නිලූෂි අපිට දැකගන්න පුලුවන් හිරු නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ වින්ඩි චරිතය හරහා.

නපුරු චරිතයකට රංගනයෙන් දායක වෙන නිලූෂි නිරූපන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් කාගේත් ආදරය ලබා ගන්නවා. ඉතින් නිලූෂි පවන්‍යාට දිවිතුරා ටෙලිනාට්‍යය නිසා ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ විවේචනත් අහන්නට ලැබෙනවා. ඇය ඉතාම සුහදශීලීව කා සමගත් ඉන්න රංගන ශිල්පිනියක්.

ඉතින් පසු ගිය දවසක ඇය සහභාගි වෙලා තිබුණු රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ උස ගැන කියලා තිබුණේ මේ විදියටයි.

” මම උස අඩි පහයි අගල් හතයි. මම ගොඩක්ම කැමති නිරූපනයට. මොකද නිරූපනය කලාම ඉක්මනට ඉවරයිනේ. නිවේදනයට, රංගනයට , නර්තනයටත් කැමතියි. ආදරෙයි. නමුත් ටිකක් වැඩියෙන් කැමති නිරූපනයට.”

මේ විදියටයි සුරූපි රංගන ශිල්පිනී නිලූෂි පවන්‍යා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *