ආදර යෝජනා ආවට හිත ගිය කෙනෙක් නෑ තවම, පුංචි කාලේ ඉදලා තිබුණේ ගුරුවරියක් වෙන හීනේ
මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘නොනිමි’ ටෙලිනාට්‍යයේ සොනාලි විදියට රංගනයෙන් දායක වන ඇය නෙත්මි සංජානා. රගපාන්න කුඩා කාලෙ ඉදලම ආසාවක් තිබුණු නෙත්මිගේ හීනය වුණේ ගුරුවරියක් වෙන එක. නමුත් රගපාන්න ආස නිසාම ගෙදරින් බොහොම අමාරුවෙන් කැමැත්ත අරන් තිර පරීක්ෂණයට ගිහින් ඇය රක්ගන වරම් උදා කරගන්නේ.

මේ වන විට කැලණිය විශ්ව විද්‍යාලයේ කලා අංශයෙන් උපාධිය හදාරමින් ඉන්න නෙත්මිට නොනිමි ටෙලිනාට්‍යය සදහා ප්‍රවීනයන්ගෙන් ලැබෙන්නේ නොමද සහයෝගයක්. ඉතින් ඒ ටෙලිනාට්‍යයේ හැටියට ඉතාම ආදරණීය පෙම්වතියක් වන නෙත්මිගේ සැබෑ ජීවිතේනම් ටාවම ඇයට හිත ගිය කෙනෙක් නෑ කියලයි ඇය සදහන් කරන්නේ.
ඉතින් තවම තනිකඩ ජීවිතයක් ගත කරන නෙත්මි ඒ ගැන එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” විවාහ යෝජනා නම් අඩුවක් නැතුව එනවා. නමුත් ඒ කිසිම එකකට හිත ගියේ නෑ. මම තාම පෙම්වතියක් නෙමෙයි. මම ජීවිතේ වැඩිපුරම සතුටු වුනේ මාව ටීවි එකෙන් දැකපු දවසෙ. දැන් ගොඩක්ම මාව ටීවි එකෙන් දකිනකොට සතුටු වෙන්නෙ අපේ තාත්තා. මම පොඩි කාලේ ඉදලම ගුරුවරියක් වෙන්න හීන දැකපු කෙනෙක්. ඉතින් ඒ හීනෙට යන්න වැඩ කරන ගමන් තමයි මට රංගනය මුණ ගැහෙන්නේ. කලා වැඩ වලට දායක වුණත් මගේ හීනෙට යන්න තමයි එකම බලාපොරොත්තුව.’’
මේ විදියටයි නොනිමි ටෙලිනාට්‍යයේ සොනාලි විදියට අපි අතරට එන නෙත්මි සංජානා ඇගේ අදහස් දක්වලා තිබුණේ.