මුල් දවසෙ පිටපත මගෙ අතට දෙනකොට හීන් දාඩිය දැම්මා
රංගන ශිල්පියෙක් වන සුරාජ් මාපා අධ්‍යක්ෂණය කරන ‘නොනිමි’ ටෙලිනාට්‍යය මේ වන විට ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. මේ ටෙලිනාට්‍යය තුළ තම පළමු රංගනය ඉදිරිපත් කරපු ඇය නෙත්මි සංජානා. සෙනාලි විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්ත නෙත්මි මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක්.

ඉතින් ඉතාම අහම්බෙන් කලා ජීවිතයට ආපු නෙත්මිගේ පොඩි කාලේ ඉදලම තිබුණු ආසාවක් තමයි රංගන ශිල්පිනියක් වෙන්න. මේ විදියට කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් අද වන විට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආදරය ලබා ගන්න නෙත්මිට ඇගේ පළමු රංගනය කරන්න ටෙලිනාට්‍යයේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා කියලයි ඇය සදහන් කලේ.
ඉතින් නෙත්මි කලා ක්ශේෂ්ත්‍රයට එනවට ඇගේ අම්මයි තාත්තයි ලොකු විරුද්ධත්වයක් පෙන්වූවත් මේ වන විටනම් ඇයව රූපවාහිනියෙන් දකිනවිට වැඩියෙන්ම සතුටුවෙන්නේ අම්මා විසින්. ඒ ගැන මේ විදියටයි නෙත්මි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම පොඩි කාලේ ඉදලම රංගන ශිල්පිනියක් වෙන්න ආසාවෙන් හිටියේ. මගේ යාලුවෙක් කිව්වා සුරාජ් මාපා අයියා අලුත් කෙනෙක් හොයනවා කතා කරලා බලන්න කියලා. ඒ තිබුණු ආශාව නිසාම මම බොහොම අමාරුවෙන් අම්මලාගේ කැමැත්ත ගත්තා. කතා කලාම සුරාජ් අයියා තිර පරීක්ෂණයට එන්න කියලා එදාම කිව්වා තෝර ගත්තා කියලා. මම මීට කලින් පිටපතක් දැකලවත් තිබුණෙ නෑ. පිටපත දැක්කම මට හීන් දාඩිය දැම්මා.”