Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ජීවිතේ මොන දේ වුණත් සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් මම හොයන්නෙ, ඒ කෙනා එනකම් බලන් ඉන්නවා

රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියට ප්‍රේක්ෂක අපි හමුවට එන ඇය නෙත්මි රොෂෙල්. ඉතින් ටෙලි තිරය තුළ වගේම සිනමාව තුළත් තම රංගන කුසලතාවයන් හරි අපූරුවට ගෙන හැර පෑ නෙත්මිගේ කුලුදුල් සිනමා නිර්මාණය තමයි ‘ආදරණීය ප්‍රාර්ථනා’ කියන්නේ. ඉතින් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන නෙත්මි පුංචි තිරය තුළ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ආක්ෂා විදියටත් කාගේත් ආදරය ලබා ගන්නවා.

ඉතින් රොශෙල් කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ 2019 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිය විදියට කිරුළු පළදා. එතනින් පටන් ගත් ඇගේ කලා ගමන තුළ ඇය පළමුවෙන්ම රංගනයෙන් දායක වුණේ ‘සක්කාරම්’ ටෙලිනාට්‍යය තුළයි. ඒ වගේම හිරු ඇවිදින් ටෙලිනාට්‍යයේත් නෙත්මි රංගනයෙන් දායක වූනා. ඉතින් ඒ වගේම රාවණාහී සුපර්ණිකාටත් රංගනය කරන්න ඇයට අවස්ථාව ලැබුණා.

තරුණ වියේ පසුවන රොශෙල් තවම තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් ඇය ඇගේ විවාහය ගැන කියලා තිබුනේ මේ වගේ අදහසක්.

” තාමත් මම ආදරවන්තියක් නෙමෙයි. මගේ වයසේ හැමෝම පෝළිමට බදින නිසා කට්ටිය අහනවා බදින්නැද්ද කියලා. මම හිතන්නේ මට සුදුසු කෙනා තවම ඇවිත් නෑ කියලා. අපි මේ හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්නේ. ඉතින් මම මගේ සතුට හැමදාම තියා ගන්න පුලුවන් කෙනෙක්ව හම්බවෙනතුරු බලන් ඉන්නවා. දවසක මට හිතෙයි මෙන්න මෙයාට මම කැමතියි කියලා. එදාට ඒ කෙනා වෙයි.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී රොශෙල් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *