Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගෙන් පස්සේ කලාව කරගෙන යන්නේ මගේ මුණුබුරා, තවම ඉස්කෝලේ යනවා

ගුවන් විදුලියේ මුවන් පැලැස්ස තුල හඩ කැවීම් කල ඇය මේ වන විට වේදිකාව, පුංචි තිරය, රිදී තිරය කියන හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වන කෙනෙක්. ඉතින් ඇය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී සම්මානනීය නෙතලි නානායක්කාර. ඇය රංගනය කල හාර කෝටිය, ගිරිදේවි, කූඹියෝ වැනි ටෙලිනාට්‍යය හරහා වගේම බන්ධනය, මෝටර් බයිසිකල්, ගාඩි, ද නිවුස් පේපර් වැනි චිත්‍රපට හරහාත් සිය රංගන දක්ෂතා දැක්වූවා.

ඉතින් සම්මානනීය රංගන ශිල්පිනී නෙතලි නානායක්කාර විවිධ නිර්මාණ හරහා නිතරම අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් ඇය ඇගේ කලා ජීවිතය 1955 වසරේ ගුවන් විදුලියෙන් ආරම්භ කලා. එතනින් පටන් ගත්ත කලා ජීවිතය තුල ඇගේ විශිෂ්ට රංගන කුසලතාවයන් අපිට දැක ගන්න ලැබෙනවා.

ඉතින් එතුමියගේ පවුලේ තොරතුරු ගැන මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම මුලින්ම ගුවන් විදුලියට සම්බන්ධ වුණේ. 1963 දි විවාහ වුණා. මට ඉන්නේ දුවලා හතරදෙනයි පුතාල එක්කෙනයි. මගේ පුතා පොඩි කාලේ රගපෑවා. සැමියත් රගපෑවා. නමුත් මගේ මුනුබුරා පාසල් වේදිකාවේ රගපානවා. එයා සම්මාන පවා ලබා ගන්නවා. මගෙන් පස්සෙ කලාව ගෙනියන්නෙ මගේ පුතාගෙ පුතා මුණුබුරා. ‘’

මේ විදියටයි නෙතලි නානායක්කාර ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *