Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ අම්මට ගේ ඇතුලේ වැලි කැටයක්, වතුර බින්දුවක් වැටිලා තියෙනවා පේන්න බෑ

මීට වසර ගණනාවල සිටම කලා කලා ක්ශේෂ්ත්‍රයේ විවිධ චරිත හරහා ප්‍රේක්ෂක අපි අතරට ආව ඇය තමයි සුරූපි නෙහාරා පීරිස් කියන්නේ. ඉතින් ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී සහ අමන්දා’ ටෙලිනාට්‍යය වල ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුනු නෙහාරා මේනක රාජපක්ෂ සමගින් විවාහ වීමත් එක්ක ඇයට ප්‍රේක්ෂක ආකර්ෂණය බෙහෙවින් ලැබුණා.

ඉතින් නෙහාරා සහ මේනක උතුම් දෙමව්පියන් කරමින් මේ කැදැල්ල වර්ණවත් කරන්නට දියනියන් දෙදෙනෙක් මෙලොවට බිහි වුණා. සියලුම දේවල් පසෙකට දාලා තම පවුල් ජීවිතය වෙනුවෙන් කැප වෙන නෙහාරා පීරිස් ඇගේ ආදරණීය අම්මා ගැන් කිව්වේ මේ විදියටයි.

” අපේ අම්මා හරිම ආදරණීය චරිතයක්. ඉතින් මම අම්මා තුළ දැකපු හොදම ගති ගුණේ තමයි එයාගේ පිළිවෙල උපරිමයට තියෙනවා. ඉතින් ජානමය වශයෙන් ඒක මටත් ඇවිත් තියෙනවා. මටත් පිලිවෙල තියෙන්න ඕන. අපේ අම්මට වැලි කැටයක් ගේ ඇතුලේ තියෙන්න බෑ ඒ වගේම වතුර බිංදුවක්වත් හැලිලා තියෙන්න බෑ. ඉතින් මම අම්මගෙන් දකින හොදම ගති ගුණය ඒක තමයි.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස් අම්මා ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *