Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ගොඩක් කට්ටිය කියනවා අපෙ ඩැඩා දැක්කම තාත්තා කියලා කියන්න බෑ කියලා

තරු ගුණය උපරිමයෙන් තියෙන, තම ජනප්‍රියත්වය කිසිම අඩුවක් නැතුව හැමදාම එක ලෙස පවත්වා ගන්නා සුරූපි රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ සමාධි වුන නෙහාරා රංගන ක්ශේෂ්ත්‍රයට ඒ විදියට අත්පොත් තබද්දී මේ වන විට ටෙලිනාට්‍යය ගණනාවකටම තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඉතින් රංගන ශිල්පිනියක් වගේම නර්තනයටත් දක්ෂතා දක්වන නෙහාරා මේ වන විට මේනක රාජපක්ෂ සමගින් විවාහ වෙලා දියනියන් දෙදෙනෙක් ඉන්නවා. තම පවුල් ජීවිතය තුළ ආදරණීය මවක් සහ බිරිදක් විදියට ඉතාම සාර්ථකව යුතුකම් සහ වගකීම් ඉටු කරනවා.

ඉතින් නෙහාරා පීරිස් සහ ඇගේ පවුලේ අම්මියි, තාත්තියි, මල්ලියි තමයි ජීවත් වුණේ. ඉතින් ගෙදර හරිම හුරතලයට හැදුනු නෙහාරගේ තාත්තා එක පාරයි ඇයට ගහලා තියෙන්නේ. ඉතින් ඇගේ ආදරණීය පියා ගැන මේ විදියටයි ඇය එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මට හැමෝම කියනවා මගේ ඩැඩා දැක්කම තාත්තා කියලා කියන්න බෑ කියලා. මමයි ඩැඩායි අම්මියි එකට යනකොට කට්ටිය අහනවා දුවලා දෙන්නද කියලා. අපේ ඩැඩා හරිම හොද හොද හදවතක් තියෙන කෙනෙක්. එයා ඕනම වෙලාවක ඕනම කෙනෙකුට උදව් කරන කෙනෙක්. ඉතින් මම ගොඩක් වාසනාවන්තයි අපේ ඩැඩාගේ දුවෙක් වීම.”

ඉතින් මේ විදියටයි නෙහාරා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *