Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම පොඩි කාලේ ඉදන්ම ආස වුණේ හොද ගෘහණියක් වෙන්න – ජනප්‍රිය සුරූපි නිලි නෙහාරා පීරිස්

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යය සහ ‘අමන්දා’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත් ඒ සුරූපි රංගන ශිල්පිනිය තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඇය ගැන ප්‍රේක්ෂකයන් බොහෝමයක් කතා කරන්නට වුණේ ඇගේ ඇති නර්තන හැකියාව නිසාමයි.

ඉතින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නෙහාරා ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමගින් විවාහ වීමත් එක්ක ඇය ගැන ප්‍රේක්ෂකයා කතා කරන්නට වුනා. ඉතින් මේනක නෙහාරා සොදුරු කැදැල්ලට අලුත් සාමාජිකාවන් දෙන්නෙක් එකතු වෙනවා.

මේලි නිකොලා සහ නූරි මාරියා විදියට මේ පුංචි සුරංගනාවියෝ දෙන්නට නම් දානවා. ඉතින් මෑතකදී නෙහාරගේ රංගන කටයුතු ප්‍රේක්ෂකයාට දැක බලා ගන්නට නොහැකි වුණේ ඇගේ චූටි සුරංගනාවිය නිසයි. නමුත් නැවත කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න බලාගෙනයි නෙහාරා ඉන්නේ. ඒ කොහොම වුණත් මේ වන විට රංගන ශිල්පිනියක් විදියට කවුරුත් දැන ගන්න නෙහාරා කුඩා කාලයේ ඉදලා බලාපොරොත්තු වෙලා ඉදලා තියෙන්නේ මේ විදියටයි.

” මම පොඩි කාලේ ඉදලා බලාගෙන හිටියේ ගෘහණියක් වෙන්න. අනිත් හැමෝම ඩොක්ටර්ස්ලා, ඉන්ජිනේරුවො වෙන්න බලාගෙන හිටියට මම කැමැත්තෙන් හිටියෙ හොද ගෘහණියක් වෙන්න. මගේ අම්මා කරන වැඩ දැකලා ඒ වගේ වෙන්න තමයි මම පොඩි කාලේ ඉදන්ම ආසාවෙන් හිටියේ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස් ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *