Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට දැන් වයස 34 යි, මම දැන් දෙදරු මවක්, මට ඔටුන්නක් දාලා වගේ සතුටුයි

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යය හරහා කලා ක්ශේෂ්ත්‍රයට පායපු තරුවක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඉතින් ඇය රංගනයට වගේම නර්තනයටත් ඉතා දක්ෂ කෙනෙක්. මුතු කිරුල්ලී ටෙලිනාට්‍යයෙන් පසුව ඇය ටෙලිනාට්‍යය ගණනාවකම රංගනයෙන් දායක වුණා. අමන්දා, රුවන් මාලිගා වැනි ටෙලිනාට්‍යය වලට ඇය ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත්තා.

ඉතින් නෙහාරගෙ පළමු විවාහය අසාර්ථක වීමත් එක්ක ඇය දෙවෙනි විවාහයකට යනවා. ඒ අපි ක්ශේෂ්ත්‍රයේ කවුරුත් දන්න ජජනප්‍රිය රංගන ශිල්පියෙක් එක්කයි. ඔහු තමයි මේනක රාජපක්ෂ කියන්නේ. ඉතින් මේනක සහ නෙහාරා ආදරණීය කැදැල්ලට සුරංගනාවිය න් දෙදෙනෙකුගේ සුරතලය ලැබිලා ඔවුන් ඉතාම සතුටින් ජීවිතය ගත කරන්නේ.

නෙහාරගේ පාසල් යන කාලෙ සිටම අනාගත බලාපොරොත්තුව වෙලා තියෙන්නේ ඇගේ අම්මා වගේ හොද ගෘහණියක් වෙන්න. ඉතින් අහම්බෙන් වගේ කලාවට ඇවිල්ලා ඒ තුලින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය උපරිමයෙන් විදලා මේ වන විට පවුල වෙනුවෙන් අංක එක දීලා දරුවන් දෙන්නෙකුගේ වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ ගැන නෙහාරා දැක්වූ අදහසයි මේ.

” මම කාලයක් පීක් එකේ හිටියා. ඒ කාලෙ උපරිමයෙන් වැඩ. ඉතින් මට පොඩි කාලෙ ඉදලම ඕන වුණේ ගෘහනියක් වෙන්නනේ. මට පලවෙනි බබා හම්බවුනාම පුදුම සතුටක් දැනුනේ. හිතා ගන්න බැරි. හරියට ඔටුන්නක් දාපු රැජිනක් වගේ. ඊට පස්සේ අනිත් කෙනත් ලැබුණම ඒ දැනුනු සතුට කියා ගන්න බෑ. මට දැන් අවුරුදු 34ත් ඉවරයි. මම දැන් දෙදරු මවක්. පුදුම ආඩම්බරයක් තියෙන්නේ.”

මේ විදියටයි නෙහාරා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *