Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම පොඩි කාලේ ඉදන් දැකපු හීනයක් තමයි සුන්දර පවුල් ජීවිතය, මගේ ළමයි දැක්කහම සතුට පිරිලා ඉතිරිලා යනවා

මුතු කිරිල්ලී, අමන්දා, රුවන් මාලිගා වැනි ටෙලිනාට්‍යය හරහා ඒ කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණු ඒ සුරූපිනිය තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඉතින් මෑත කාලීනව නෙහාරා රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය විදියට ඇගේ ආදරණීය සැමියා වන කඩවසම් රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් වන මේනක රාජපක්ෂගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු ගුග්ලි ටෙලිනාට්‍යයේත් නෙහාරා රංගනයෙන් දායක වූනා.

ඉතින් මේනක නෙහාරා ආදරණීය කැදැල්ලට සමාජයෙන් විවිධ ප්‍රතිචාර ලැබුණා. ඒ කොහොම වුණත් සාර්ථකව ඔවුන්ගේ පවුල් ජීවිතය ගත කල මේනක නෙහාරා කැදැල්ල දැන්නම් සතුටින් ඉතිරිලා යනවා කියලා කවුරුත් දන්නවා. ඒ පුංචි දෝණිලා දෙන්නෙකුගේ ආදරයත් හුරතලයත් එක්කයි.

දරුවන් සමගින් ගෙවන ජීවිතය ගැන නෙහාරා පීරිස් මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම දැන්නම් උපරිම කාර්යබහුලයි. ඒක වචනෙන් කියා ගන්න බැරි තරම්. නමුත් බබාලා දෙන්නගේ හුරතලය දැක්කම ඒ දැනෙන සතුට කියා ගන්න බෑ මට. ඉතින් මේ කාලය මම උපරිමයෙන් කැප කරන්නේ මගේ දරුවො දෙන්නට. මම පොඩි කාලේ ඉදන්ම දැකපු හීනයක් තමයි සුන්දර පවුලක්. ඉතින් ඒක අද හැබෑ වෙලා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නෙහාරා පීරිස් ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *