Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඇග කැතවෙනවා කියලා ළමයි හදන්නැතුවනම් ඉන්න එපා ප්ලීස්, මව් පදවිය කියන්නේ උතුම් දෙයක්

පුංචි තිරයේ දගකාරියක් විදියට ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩිපුර ලබා ගත් ඇය සුරූපි නිළි නෙහාරා පීරිස්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ සමාධි විදියට කාගෙත් ආදරය දිනා ගත්ත ඇය අද වන විට ටෙලිනාට්‍යය ගණනාවක් හරහා රසික ආදරය ලබන කෙනෙක්. අමන්දා ටෙලිනාට්‍යයේත් ගුග්ලි ටෙලිනාට්‍යයේත් දැක ගන්න ලැබුණු නෙහාරා මේ වන විට උතුම් මව් පදවිය ලබපු කෙනෙක්.

ඉතින් මේ වන විට දෙවතාවක් මව් පදවිය ලබපු නෙහාරා ආදරණීය දියනියන් දෙදෙනෙකුගේ මවක්. මේනක සහ නෙහාරගේ පුංචි කැදැල්ලේ සතුට ආදරය තව තවත් වැඩි කරන්නේ මේලි සහ නූරිගේ සුරතලයයි. ඉතින් නෙහාරා ඇගේ දරුවන් ලැබෙන්නෙ ඉන්න විට හොදින් කාලා බීලා විනෝදෙන් හිටියා කියලයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට දෙවෙනි බබා හම්බවෙන්න ඉද්දී මගේ බර කිලෝ 90 ට ගියා. ඒත් මම හොදට කාලා බීලා විනෝදෙන් හිටියා. මම හිතා ගත්තා ළමයා හම්බවුනයින් පස්සේ අඩු කරගන්නවා කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඇග කැතවෙනවා කියලා ළමයි හදන්නැතුව ඉන්නවා. මම හොදටම දන්නවා ඒ අයව. ඉතින් අනේ මම කියන්නේ ඇග කැතවෙනවා කියලා ළමයි හදන්නැතුව ඉන්න එපා ප්ලීස්. මව් පදවිය කියන්නේ උතුම් දෙයක්.”

මේ විදියටයි ජනප්‍රිය සුරූපි රංගන ශිල්පිනී නෙහාරා පීරිස් ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *