Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අනුරාධපුර නෙල්ලිකුලම වගේ දුෂ්කර ගමක ඉදාලා ආපු මට රගපාන්න අවස්ථාව එයි කියලා හිතුවෙවත් නෑ

මේ දිනවල පුංචි තිරය හරහා ඉතාම ජනප්‍රිය චරිතයක් වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා. නයෝමිව මේ දිනවල දැක ගන්න පුලුවන් සිරස නාලිකාවේ විකාශය වන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ පූජා විදියට. නමුත් මුල් කාලේ පූජාට එතරම් හොද ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක්නම් ලැබුණෙ නෑ.

නමුත් මේ වන විට යම් කිසි වෙනසක් පූජා තුල තියෙනවා. ඉතින් ඒවගේම නයෝමි තක්ෂිලාව දැක ගන්න පුලුවන් අලුත් ටෙලි නිර්මාණයක් තමයි ‘ජානු’කියන්නේ. ජානු ටෙලිනාට්‍යයේ දැක ගන්න ඉන්න නයෝමි හිරු නාලිකාවේ විකාශය වෙන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේත් දැක ගන්න ලැබෙනවා.

පොඩි කාලේ ඉදලා රගපාන්න ආසාව තිබුණත් ගුරු වෘත්තීය හීනය කරගත්ත නයෝමි රංගනය ස්ථීර නැති නිසා ගුරු වෘත්තීයට සූදානමින් තමයි ඉන්නේ. ඉතින් පුංචි තිරයේ වගේම වේදිකාව තුළත් සිය දක්ෂතා පෙන්වන කෙනෙක් තමයි නයෝමි කියන්නේ. ඇයගේ කලා ගමන ආරම්භ කල ආකාරය ගැන මේ විදියටයි නයෝමි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම 2012 දී කොළඹ ටවර් හෝල් නාට්‍යය හා රංග කලා පාසලට එන්නේ රංගනය පිළිබද උපාධිය කරලා ගුරුවරියක් වෙන්න. ඉතින් පොඩි කාලෙ ඉදලා රගපාන්න ආසාව තිබුණත් අනුරාධපුර නෙල්ලිකුලම වගේ දුෂ්කර පළාතක ඉදලා රගපාන්න අවස්ථාව උදා වෙයි කියලා හිතුවෙ නෑ. මම ඩ්‍රාමා ස්කූල් එක ඇතුලෙදි මට වේදිකා නාට්‍යයවල රගපාන්න අවස්ථාව ලැබුණා.’’

මේ විදියටයි සුරූපි රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *