Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මේ ක්ශේෂ්ත්‍රයට එනවනම් ඉගෙනගෙන එන්න, වරදින්නෙ නෑ ඔයාලට

රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ වසරේ විශිෂ්ටතම සහය නිළිය විදියට සම්මානයට පාත්‍ර වෙන ඇය ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා. නයෝමි මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයක් හරහාම ප්‍රේක්ෂක අපිට දැක ගන්නට පුලුවන්. ඉතින් චරිතාංග රක්ගන ශිල්පිනියක් විදියට නයෝමි වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන්නේ සිරස නාලිකාවේ විකාශය වෙන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ පූජා විදියටයි.

ඉතින් ජානූ ටෙලිනාට්‍යයේ ත් හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ ශෙහාරා විදියටත් නයෝමි රංගනයන් හරහා අපිට දැක ගන්න පුලුවන්. නපුරු චරිත, පිස්සු චරිත, ගැමි චරිත මේ හැම විදියකටම නයෝමිව ප්‍රේක්ෂකයාට ටෙලි තිරය හරහා දැක ගන්න පුලුවන්.

ඉතින් නයෝමි කියන්නේ ගමෙන් කොළඹට ඇවිත් කලා ජීවිතය පටන් ගත්ත කෙනෙක්. ටීච කෙනෙක් වෙන්න හීන දැකපු නයෝමි අද දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” ඇත්තටම අපි චරිතයක් වෙනුවෙන් වෙන මහන්සිය දන්නෙ අපි විතරයි. ඉතින් ඒ වගේ මහන්සි වෙලා කරපු වැඩකට ඇගයීම් ලැබෙන එක ලොකු සතුටක්. ඉතින් මම කියන්නේ අපේ හිතේ තියෙනවනම් දෙයක් ඒ දේම හැමවෙලේම හිත හිත ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. මේ ක්ශේෂ්ත්‍රයට එනවනම් හොදට ඉගෙන ගෙන එන්න. එතකොට වැරදෙන්නෙ නෑ කාටවත්. අනික කැපවීම තියෙන්න ඕන ඕනම දෙයකට.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *