Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ආයෙත් කුරුළුට කරදර කරනවද අහලා මනුස්සයෙක් පොල්ලක් අරන් මගෙ ළගට ආවා

වේදිකාවටත්, පුංචි තිරයටත් නැතුවම බැරි රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් ඇය නයෝමි තක්ෂිලා. ගමක ඉදන් කොළඹ ඇවිත් මේ වන විට අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය පසු ගිය දා පැවති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොදම සහය නිළියට හිමි සම්මානය ලබා ගන්නට නයෝමි වාසනාවන්ත වෙනවා.

චරිතාංග රංගන ශිල්පිනියක් වන නයෝමි අදුන්ගිර ටෙලිනාට්‍යයේ පත්මා විදියට ඉතාම ආකර්ෂණීයව රංගනය කල නයෝමිට වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ පූජා විදියටයි. ඉතින් නිල පබලු මෙගා නාට්‍යයක් වුණත් නයෝමි එහි ඒකාකාරී චරිත සීමාවකට කොටු නොවී විවිධ භූමිකාවන් මේ ටෙලිනාට්‍යය හරහා රංගනය කරනවා. පිස්සු චරිතයක්, දමිළ චරිතයක්, සල්ලිකාර කෙනෙක් විදියටත් මේ සෑම ආකාරයටම ඇයට රගපාන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් නයෝමි තක්ෂිලා ඇගේ රංගනය ඉතා සාර්ථකව කරන නිසාම ඇයට මුහුණ දෙන්න අවස්ථාව ලැබෙන්නේත් ඇය නොසිතන දේවල්මයි. ඉතින් එවැනි අවස්ථාවක් ගැන මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නයෝමි තක්ෂිලා අදහස් දක්වලා තිබූනේ.

” මම දවසක් ශූටින් ගිහින් වාහනයක් ඇතුලේ ග්ලාස් එකත් ඇරගෙන වාඩිවෙලා හිටියා. ඊට පස්සේ මනුස්සයෙක් පොල්ලකුත් අරගෙන මගේ ලගට ආවා ආයෙත් කරදර කරනවද කුරුලුට කියලා. අපේ ප්‍රඩක්ෂන් එකේ මල්ලිලා තමයි මාව බේර ගත්තේ. ‘’

මේ දිනවල නයෝමි තක්ෂිලාව දැක ගන්න පුලුවන් තවත් ටෙලිනාට්‍යයක් වන ‘දිවිතුරා’ හී ශෙහාරා පෙන්වන්නට පුලුවන්. ඒ වගේම ජානු ටෙලිනාට්‍යයේත් නයෝමි තක්ෂිලා දක්ෂ රංගනයක යෙදෙනවා. මේ වගේ සාර්ථක රංගනයකින් දැක ගන්න ලැබෙන නයෝමිගේ ඉදිරි ජීවිතයට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *