Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මනාලියක් විදියට 500 කට වඩා හැඩගැන්විලා තියෙනවා, හැමෝම කියනවා මම අයිශ්චර්යා රායි වගේ කියලා

නයනතාරා කලුආරච්චි කියන්නේ අපේ රටේ නිරූපන ක්ශේෂ්ත්‍රය තුල ඉන්න කැපී පෙනෙන චරිතයක්. ඉතින් නිරූපන ශිල්පිනියක් විදියට ශරීරය පවත්වා ගැනීම වගේ ඒ දේවල්වලට අවශ්‍ය කරන ආකාරයට ජීවත් වෙන නයනතාරා මේ දිනවල අපිට හමුවෙන්නේ දෙරණ නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ලොක්කි 2 හී නතාශා විදියටයි.

නපුරු සැර කපටි චරිතයකට රංගනය කරන නයනතාරාට ප්‍රේක්ෂකයන් අතරට වැඩි පුර යන්න හැකියාව ලැබුණේ ලොක්කි ටෙලිනාට්‍යය හරහායි. ඉතින් මේ චරිතය ඇයටම ගැලපෙන චරිතයක් කියලත් නයනතාරාට ප්‍රේක්ෂකයන්ගෙන් අහන්න ලැබෙනවා. ඉතින් නිරූපිකාවක් විදියට වගේම ඇගේ ජීවිතේ තොරතුරු ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ක්ශේෂ්ත්‍රයට ආවේ බ්‍රයිඩල් මොඩ්ල් කෙනෙක් විදියට. මේ වෙනකොට මනාලියක් විදියට 500 වතාවකට වඩා හැඩ ගැන්විලා තියෙනවා. සමහර අවස්ථාවලදී මගේ පෙම්වතාට මාව හදුනාගන්න බැරි වුණු අවස්ථා තියෙනවා. මම ඉස්කෝලේ යනකාලේ ඉදලම මට යාලුවෝ කියනවා මම අයිශ්චර්යාරායි වගේ කියලා. ක්ශේෂ්ත්‍රයේ බොහෝ දෙනාත් කියන්නේ මම ලෝකල් අයිශ්චර්යා කියලා.

ඒ නිසාම මම අයිශ්චර්යට කැමති නෑ. ඉස්සර ඉදන්ම මම ඇයට කැමති. ඉන්දියාවෙන් ආපු වේෂ නිරූපන ශිල්පියෙක් දවසක් මට කිව්වා ඔයා අපේ අයිශ්චර්යා වගේ කියලා. මගේ සැමියා හොද රැකියාවක් කරනවා. අපි දෙන්නා අද තැනක ඉන්නවනම් ඒ අපි දෙන්නගෙම මහන්සියෙන්.”

මේ විදියටයි නයනතාරා කළුආරච්චි ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *