Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි විවාහවෙලා අවුරුදු 8ක් වෙනවා, එක දවසක්වත් අපි දෙන්නා තරහවෙලා ඉදලා නෑ

‘සුලගක් වී මං යනවා’ ගීතය තුළින් එදා ප්‍රේක්ෂකයන් අතර ඉහළින්ම ජනප්‍රියත්වයක් ලබා ගත්ත ඒ ළමා ගායන ශිල්පිනිය තමයි නතාෂා පෙරේරා කියන්නේ. ඉතින් ඇය අද වන විට ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් නීතිඥවරියක් වන ඇය සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතර වැඩිපුර කතා බහට ලක්වෙන චරිතයක්.

යායට පායනා පෝදා සද ගීතය ගායනා කල ප්‍රිහාන් සමගින් විවාහ වෙලා ඉන්න නතාශා සහ ඇගේ සැමියා ප්‍රිහාන් ගැන ගොඩක් කටකතාවන් යනවා. ගොඩක් දෙනෙක් කියන්නේ ඔවුන් දෙදෙනා දික්කාසාද වෙලා කියලයි.

ඒ කොහොම වූනත් තවම සතුටින් ඉන්න නතාශා සහ ප්‍රිහාන් දික්කසාද වෙලා නෑ කියලා ඔවුන් මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණා. ඉතින් නතාශා කියන්නේ ඔවුන් දෙදෙනා සතුටින් පවුල් ජීවිතය ගත කරනවා කියලයි. එ ගැන නතාශා දක්වලා තිබුණේ මේ වගේ අදහසක්.

” අපි දෙන්නා මේ වෙනකොට විවාහ වෙලා අවුරුදු 8ක් වෙනවා. අපි දෙන්නා ඩිවෝස් කියලා ගොඩක් කට්ටිය කියලා තියෙනවා. නමුත් අපි සතුටින් ඉන්නේ. අපි තවම එක දවසක්වත් තරහවෙලා ඉදලා නෑ ඉක්මනින්ම අපි දෙන්නා එකතුවෙලා නිර්මාණයක් කරන්න ඉන්නේ.”

මේ විදියටයි නතාශා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *