Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගෙයි ප්‍රිහාන්ගෙයි අදහස් අහසට පොළව වගේ, මම චොකලට් කන්න අකමැති වුනාට එයා කන්න කැමතියි

‘සුළගක් වී මං යනවා’ ගීතය හරහා ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණු ඒ ළමා ගායිකාව තමයි නතාශා පෙරේරා කියන්නේ. ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නීතීඥවරියක් විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්ත නතාශා ගැන සමාජ මාධ්‍ය බෙහෙවින් කතා කරනවා.

යායට පායනා පෝදා සද ගීතය ගායනා කරන්නට නතාශා සමගින් එකතුවුණේ ප්‍රිහාන්. ප්‍රිහාන් නතාශා සමගින් විවාහ වුණත් මේ වන විට ඔවුන් දෙදෙනා එකවර වැඩිපුර සමාජ මාධ්‍ය හරහා ඡායාරූප තුලින් දැක ගන්න ලැබෙන්නේ නෑ. ඉතින් ප්‍රිහාන්ට නතාශා ගැන අදහසක් පහල වෙනකොට ඇය වෙනත් ආදර සබදතාවයක හිටපු නිසා ඒ ගැන පසුවට කල් දාලා ගීතය කරලා තියෙන්නේ.

ඉතින් නතාශා ගැන ප්‍රිහාන් නතාශගේ අම්මිගෙන් තමයි මුලින්ම අවසර ගත්තේ. ඉතින් නතාශා සහ ප්‍රිහාන්ගේ විවාහ ජීවිතය ගැන නතාශා අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගෙයි ප්‍රිහාන්ගෙයි අදහස් අහසට පොළව වගේ. අර කියනවනෙ එකම වගේ දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න අමාරුයි කියලා. අපි ගැලපුනේ නැති වුණාට ගලපගන්න උත්සහ කරනවා. මම කන කෑම ප්‍රිහාන් කන්න කැමති නෑ. මම චොකලට් කන්න කැමති නෑ. ඒත් ප්‍රිහාන් හරි කැමතියි චොකලට් කන්න. අපි අතරෙත් ගැටුම් තියෙයි. ඒවා අතරින් තමයි අපි මේ ජීවත් වෙන්නේ. පවුල් ජීවිතේට එන ප්‍රශ්න තේරුම් ගත්තෙ නැත්නම් දික්ක්සාදයකට වුනත් යන්න ඉඩ තියෙනවා.”

මේ විදියටයි නතාශා පෙරේරා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *