බොරුවට මගේ නම පාවිච්චි කරලා ඉන්ජෙක්ෂන් විකුණගන්නවා, මම ඒවා යූස් කරලා නෑ
මීට අවුරුදු 20 ගානකට පෙරදී ඇය ළමා ගායිකාවක් විදියට ‘සුළගක් වී මං යනවා’ ගීතය ගායනා කරලා ඇගේ ගීතය තුළින් බොහෝ ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනා ගත්ත ඇය නතාශා පෙරේරා. ඇය ගායිකාවක්, රංගන ශිල්පිනියක් වගේම නීතීඥවරියක් විදියට වැඩකටයුතු කරනවා. ඉතින් නතාශා ගැන පසු ගිය කාලයේ වැඩිපුර සමාජ මාධ්‍ය හරහා කතා බහ කරන්නට වුණේ ඇගේ විවාහය ගැන.

නතාශා විවාහ වුණේ ජනප්‍රිය ගායක ප්‍රිහාන් සමගයි. යායට පායනා පෝදා සද ගීතය ගායනා කල ප්‍රිහාන් සහ නතාශා වැඩි හරියක් එකතු වෙලා ගීත ගායනා කරනවා අපිට දැක ගන්න ලැබෙන්නේ නෑ. ඉතින් හැමෝම නතාශා වගේ සුදු වෙන්න හදපු අයට ඇය සුදු වුණ විදිය ගැන මේ ආකාරයටයි ඇය මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.
” මම ගෙදර හොයා ගන්න දේවල් ගාලා සුදු වුණේ. කවුරුත් කිව්වට විශ්වාස කරන්නෑ. කහ සුදු හදුන් තමයි ගොඩක්ම ගෑවේ. මම එෆ් බී එකේ උඩට පල්ලෙහාට යනකොට දැක්කා ඉන්ජෙක්ෂන් එකක් විකුණගන්න මගේ ෆොටෝ එකකුත්දාලා තිබුණා. මම එයාලට කෝල් කලා මම තමයි ඇත්තම නතාශා. කවද්ද මන ඔයාලගෙන් ගත්තෙ කියලා. ඊට පස්සේ මම එයාට කිව්වා වහාම ඒ පෝස්ට් එක අයින් කරගන්න කියලා. ”

ඉතින් ජනප්‍රිය ගායිකා නතාශා පෙරේරා කියන්නේ ඇය එකපාරටම සුදු වුණේ කොහොමද කියලා මිනිස්සු බලන්නේ පොඩි කාලේ සුළගක් වී මං යනවා ගීතය ගායනා කරන කාලේ ඉස්කෝලෙ යන ක්‍රීඩා කරන කාලේ නිසා කියලා. ඉතින් ක්‍රමයෙන් වැඩි වියට පත් වෙනවිට ඇය හම ගැන හිතන්න ගත්තා කියලයි නතාශා කියන්නේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.