Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම විවාහ වුණ එකට පසුතැවෙන්නෑ, මොකද මට දරුවො හම්බුනානේ

රූ රැජිනක් වගේම කුඩා කාලයේ ඉදලම නර්තනය හදාරපු ඒ සුරූපිනිය තමයි නර්මදා යාපා කියන්නේ. පොඩි කාලේ ඉදලම ක්ශේෂ්ත්‍රය තුළ වැඩ කටයුතු කල නර්මදා මේ වන විටනම් ඉතා ජනප්‍රිය චරිතයක්. නර්මදාව මේ දිනවල දැක ගන්නට ලැබෙන්නේ නිවේදිකාවක් කියන භූමිකාව හරහා. ඉතින් ඇය හිරු නාලිකාවේ ‘කොපි චැට්’ වැඩසටහන දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් වන කාවිංග පෙරේරා සමගින් නිවේදනය කරනවා.

නර්මදා කියන්නේ කුඩා කාලයේ ඉදලම චන්න විජේවර්ධනයන් ළග නර්තනය හදාරපු කෙනෙක්. අද වෙන විට නර්මදා සමාජ මාධ්‍ය දැඩි ලෙස කතා බහට ලක් වෙන චරිතයක්. ඒ ඇය තම දරුවන් දෙදෙනත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන නිසා. ඉතින් නර්මදා ඇගේ විවාහ ජීවිතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම විවාහ වුණේ අවුරුදු 22 දි. මට ඉස්කෝලේ යනකාලේ එෆෙයාර්ස් තිබුණෙ නෑ. නමුත් ඕලෙවල් ඉවර වුනාම මම එක්කෙනෙක් එක්ක යාලු වුණා. නමුත් මම විවාහ වුණේ වෙන කෙනෙක්ව. ඉතින් අපි දෙන්නටම විවාහ වෙනකොට කිසිම තේරුමක් නෑ. දෙන්නම් පොඩියි. ඒ නිසා අද මේ වෙලා තියෙන දේට මම එයාටවත් මටවත් බනින්න කැමති නෑ.

මේ මගේ ජීවිතය. එයාට ඕන විදියට එයා ජීවත් වෙනවා. මම විවාහ වුන එක ගැන පසුතැවෙන්නෙ නෑ. මොකද මට ඒ නිසානේ පුතා ලැබුණෙ. මගෙ ජීවිතේම පුතාලා දෙන්නා. මම ජීවිතේ කිසි දෙයක් නිවරදි කරන්න ලැබුණොත් කරන්න යන්නෙ නෑ. විවාහය ගැනත් කිසිම පසු තැවීමක් නෑ. මොකද මම විවාහ වුණ නිසානෙ පුතාලා හම්බවුනේ මට.’’

මේ විදියටයි සුරූපි නර්මදා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *