හිරු නිවේදිකා නර්මදාගේ වයිරල් වුණ වීඩීයෝවේ ඇත්ත නැත්ත ඇය ලයිව් එකක් ඇවිත් කියූ හැටි
හිරු නාලිකාවේ නිවේදිකාවක් විදියට වැඩ කටයුතු කරන කවුරුත් දන්න ඇය නර්මදා යාපා අබේගුණවර්ධනයි. ඉතින් ඇය කාවිංග පෙරේරා සමගින් හිරු නාලිකාවේ කොපි චැට් වැඩ සටහන ඉදිරිපත් කරනවා. ඉතින් නර්මදා කියන්නේ දරුවන් දෙදෙනෙක් ඉන්න ආදරණීය මවක්. ඇය නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන කෙනෙක්. ඉතින් ඇය අන මේ වන විටනම් විවිධ පුවත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා.

ඇයට මහමගදී සිදු වූ අකරතැබ්බයක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ වයිරල් වෙලා තියෙනවා. ඒ ගැන නර්මදා ලයිව් එකක් ඇවිත් මේ විදියටයි සිදු වූ සියල්ල පිළිබදව අදහස් දක්වලා තිබුණේ.
” මම ලයිසන් එකේ වැඩකට 10 වෙනිදා වේරහැරට ගියා. ඉතින් ඒකට ටිකක් වෙලා යන නිසා අපි කෑම කන්න ගියා වාහනේ නවත්තලා. එතන පෙට්ටි කඩයක් තිබුනා ඒකට ඉඩ තියලා තමයි ගියේ. ඊට පස්සෙ අපි කන්න හදනකොට එක්කෙනෙක් ඇවිත් කිව්වා ඔයාලගෙ නේද අර කලු කාර් එක. ඒකට දෙන්නෙක් ගහනවා කියලා. අපි වාහනේ පාර්ක් කරලා විනාඩි 10ක් වත් ගියේ නෑ. අපි යනකොට කාර් එකට දෙන්නෙක් පුටු වලිනුයි ඩමී වලිනුයි ගහනවා.

මමයි මහත්තයයි කිව්වා සමාවෙන්න අපි කඩේට ඉඩ තියලා නැවැත්තුවේ ඇයි එතන නවත්තන්න බැරිද කියලා. ඊට පස්සෙර් කිව්වා මෙතන අපේ තැන ඇයි නවත්තන්න බැරිද කියලා. අපි සමාව ගත්තමත් එයාලා අපිට නරක වචන වලින් බැන්නා. මමත් ඉවසලා ඉවසලා බැරිම තැන කෑ ගැහුවා. මොකද අපි වරදක් නොකර සමාව අරනුත් එහෙම නරක විදියට බැනුම් අහනකොට සීමාව පනිනවනේ. ඊට පස්සෙර් මමයි මහත්තයයි එනකොට ආපහු එයාලා මගේ නම්බර් එකට කෝල් කරලා කිව්වා පුලුවන්නම් ඇවිත් ආයේ නවත්තන්න කියලා. මම පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මා. එයාලා මොකක් හරි විසදුමක් කරයි.”
මේ විදියටයි නර්මදා යාපා සිදු වුණු සිදුවීම පිලිබදව අදහස් දක්වලා තිබුණේ.