මමයි බිරිදයි කසාද බැදලා මුලින්ම ප්‍රාර්ථනා කලේ දුවක්, එයා අපි දෙන්නගෙ පන
කණ්ඩායම් සංගීත කලාවේ ඉතා ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත්ත ඔහු තමයි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නියමුවා එහෙමත් නැතිනම් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා නලින් පෙරේරා කියන්නේ ඉතාම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහුටම අනන්‍ය වූ ගායන හැකියාවත් එක්ක නලින් පෙරේරා විදෙස් රටවල පවා තම සංගීත කණ්ඩායම සමගින් සංචාරය කරනවා.

ඉතින් ඔහු ගායනා කරන ගීත අතර රසිකයින් ආදරයෙන් වැලදගත්ත ගීත අතර එදා සිට අද දක්වාම ඔහුට ලැබුණු ආදරයනම් අඩුවක් වුණේ නෑ. අංජලිකා, තරු වගේ වැනි ගීත ඉහළ රසික ආදරයක් ලබා ගන්නවා. ඉතින් පසුගිය දා නලින් පෙරේරා ආදරණීය කලා කරුවා ගැන වැඩිපුර කතා කරන්නට වුණේ ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමත් එක්කයි.
ඉතින් මේ වන විට නලින් පෙරේරා ආදරණීය ගායකයාවේ දරුවන් දෙදෙනෙක් ඉන්න අතර ඔහුගේ දියණිය ස්වේතා ගැන හැමෝම දන්නවා. ඇය පසුගියදා විවාහ වීමත් එක්ක දුරු රටකට යෑම ඔහුගේ පවුලේ උදවියට සංවේදී කාරණයක් වුණා. ඉතින් නලින් පෙරේරාගේ දියනිය වගේම ඔහුගේ පවුලේ සිදු වන විශේෂ සිද්ධීන් ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට සමාජ මාධ්‍ය හරහා දැක බලා ගන්න පුලුවන්. ඉතින් ආදරණීය දියණිය ගැන නලින් පෙරේරා මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මේ තමයි මගෙයි අම්මගෙයි පන. මමයි නිල්මිණියි කසාද බැදලා දරුවෙක් බලාපොරොත්තු වුණේ දුවක්. ඉතින් ඒ විදියටම අපිට මැණිකක් හම්බවුණා. ඇයට නම තිබ්බේ ස්වේතා. ආදරයේ බැම්මක් තමයි දුවක්. ස්වේතා කියන නමේ තේරුම පිරිසුදු යහපත් සිත් ඇත්තී. ඉතින් මම නම දැම්මා. ඒක ක්‍රියාවෙන් ඔප්පු කිරීම එයාගෙ වැඩක්. ”
මේ විදියටයි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා අදහස් දක්වලා තිබුනේ.