Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මමයි දිනූෂයි විදෙස් රටකට යන්න බලාගෙන ඉන්නේ, මේ අවුරුද්දෙ වෙන්නත් පුලුවන්

පුංචි තිරයේ වැඩි ප්‍රේක්ෂක ආදරයක් සහ ආකර්ෂණයක් ලබා ගෙන ඉන්න යුවලක් තමයි දිනූෂ දිසානායක සහ නදුනි කරුණාතිලක කියන්නේ. ඉතින් මේ වන විට නදුනි කියනවට වඩා ගොඩක් දෙනෙක් කියන්නේ විහාරා ටීච කියලා. ඉස්කෝලේ ටෙලිනාට්‍යය හරහා වගේම පාවෙලා වලාකුලේ ඒවිද අම්මා යන ටෙලිනාට්‍යයන් හරහා වැඩි කතා බහට ලක් වෙන නදුනි ගුවන් සේවිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. නමුත් කලාවට දක්ෂතා තියෙන නිසා ඇය උසස් පෙළ අවසන් කරලා මනාලිය හැඩ ගන්වන නිරූපිකාවක් විදියට මනාලියන් ලෙස හැඩ ගැන්වුනා.

නදුනි ගීත ගායනයට දක්ෂ නිසා සංගීතය පිලිබදව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා ගත්තා. මුල් කාලේ රගපානවට නදුනිගේ ගෙදරින් කැමැත්තක් තිබුණෙ නෑ කියලයි ඇය කියන්නේ. නදුනි මුලින්ම කැමරාවක් ඉස්සරහ හිට ගන්නේ දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය හරහා.

ඉතින් නදුනි විවාහ වෙලා ඉන්නෙත් අපේ කලා ක්ශේෂ්ත්‍රයේම කෙනෙක් සමග කියලා අපි කවුරුත් දන්නවා. නදුනි දිනූෂ ආදරය පටන් අරන් තියෙන්නේ මුහුණු පොත හරහා. නදුනි දිනූෂ සමගින් කතා බහ කරලා තියෙන්නේ සංගීත කරන පන්තියක් ගැන අහන්න. ඉතින් ඒ කතාව ආදරයකට පෙරලිලා අවුරුදි 4ක් ආදරේ කරලා තමයි මේ දෙන්නා විවාහ වෙන්නේ. අවුරුදු දෙකක් ගෙදරට හොරෙන් ආදරේ කරලා කොහොමහරි 2019 අවුරුද්දේ විවාහ වෙනවා.

” මමයි දිනූෂයි විදෙස් රටකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. බොහෝ දුරට මේ අවුරුද්දේ වෙන්නත් පුලුවන්. බාර ගත්තු වැඩ ටික ඉවර කරලා තමයි කොහොමහරි යන්න බලාගෙන ඉන්නේ. දිනූෂ මට ආදරෙ වැඩි කමට තනියම කොහෙවත් යන්න දෙන්නෙ නෑ. මාව පියෙක් වගේ බලා ගන්නවා. මම ජීවිතේ ගත්ත නිවැරදිම තීරණය තමයි දිනූෂව විවාහ කරගන්න හිතපු එක.”

මේ විදියටයි නදුනි සහ දිනූෂගේ අනාගත බලාපොරොත්තුව ගැන ඔවුන් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *