මම විවාහ වුණේ අවුරුදු 23 දී, විවාහය ගැන කිසිම පසු තැවීමක් නෑ
රියැලිටි ගායන තරගාවලියක් හරහා සංගීත ක්ශේෂ්ත්‍රයට ආපු ඇය නදිනි ප්‍රේමදාස. ප්‍රාසාංගික වේදිකාව ඉතාම දක්ෂ අයුරින් හසුරුවන නදුනි මේ වන විට සංගීත ක්ශේෂ්ත්‍රයට ඇවිත් වසර 15 ක් පමණ වෙනවා. එදා ඇයට ලැබුණු ප්‍රේක්ෂක ආදරය අද වන තුරුත් කිසිම අඩුවක් වෙලා නෑ. ඉතින් අද වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුගේ මවක් වන නදිනි සංගීත ජීවිතය කවදාවත් පවුල් ජීවිතය නිසා අත් හරින්න සූදානම් නැහැ කියලයි ඇය සදහන් කරන්නේ.

නදිනි ප්‍රේමදාසගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔහුව යාලුවෙක් හරහ තමයි නදිනිට මුණ ගැහෙන්නේ. ඇගේ සංගීත ජීවිතය තුළ කුඩා කාලෙදි හැමදේකටම ඇගේ පසු පසින් හිටියේ නදිනිගේ පියායි. ඉතින් විවාහ ජීවිතේ ගැන නදිනි මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මට මධුරව මුණ ගැහෙන්නේ යාලුවෙක් හරහා. අපි දෙන්නා දැන් විවාහ වෙලා අවුරුදු 12 වෙනවා. මට අවුරුදු 23 දී තමයි අපි විවාහ වුනේ. මගේ සැමියා ගොඩක් හොද කෙනෙක්. මම විවාහ වුණේ හොදටම ජනප්‍රිය කාලේ. ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි විවාහ වෙන්න හදිස්සි වෙන්නෙ කියලා. මම කිව්වේ එහෙම මම විවාහය පස්සට දැම්මනම් මට මධුරව මග ඇරෙන්න තිබ්බා කියලා. මම අද සතුටු වෙනවා මට මධුර වගේ කෙනෙක් හමුවුණු එකට.

මට කවදාවත් හදිස්සි වෙලා විවහ වුනා කියලා කිසිම පසු තැවීමක් නෑ. එයා ඉස්සර මමත් එක්ක ශෝ වලට යනකොට තාත්තා එක්ක එනවා. සැමියා ගොඩක් නිහඩ චරිතයක්. හැබැයි මගේ හැම දේටම හොදටම සහයෝගය ලබා දෙනවා. මට කිසිම වෙලාවක නීති දාන්නෙ නෑ. එයා කොච්චර කාර්යබහුල වුණත් පවුල් ජීවිතයට අංක එක දීලා වැඩ කරන්නේ.”
මේ විදියටයි නදිනි ප්‍රේමදාස ඇගේ අදහස් දක්වලා තිබුණේ.