Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මමයි සැමියයි ඉක්මනින්ම මුණ ගැහිලා විවාහ වුනේ, එයා නිහඩ චරිතයක්

රියැලිටි තරගයක් හරහා සංගීත ක්ශේෂ්ත්‍රය තුළ බොහෝ රසික ආදරයක් ලබා ගත්තු ඇය නදිනි ප්‍රේමදාස. ප්‍රාසාංගික වේදිකාව මනාව හසුරුවන නදිනිගේ සංගීත ජීවිතයට අවුරුදු 15 ක් නිසා සංගීත ප්‍රසංග තෝරාබේරගෙන ඇය කරන්නේ. ඉතින් නදිනිව ඒ විදියට දැක ගන්න ලැබුණේ නැතත් රූපවාහිනී වැඩ සටහන් හරහා දැක ගන්න ලැබෙනවා.

මේ වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙක් ඉන්න නදිනි ඇගේ පවුල් ජීවිතය හා සංගීත ජීවිතය ඉතාම සමබරව කරගෙන යනවා. ඉතින් නදිනි කියන්නේ ඇය පවුල් ජීවිතය නිසා සංගීත ජීවිතය නතර කරන්නේ නැහැ කියලයි. ඉතින් නදිනිට ඇගේ සැමියා මදුරව මුණ ගැහුණු ආකාරය ගැන මේ විදියටයි ඇය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මධුරව මට මුණ ගැහෙන්නේ යාලුවෙක් හරහා. අපි දෙන්නා හමුවෙලා ඉතාම ඉක්මනින් කසාද බැන්දා. මම විවාහ වුනේ මම ජනප්‍රියත්වයේ ඉහලින්ම ඉන්න කාලය තුලදී. මට වයස අවුරුදු 23 දී. මධුර හරිම නිහඩ චරිතයක්. එයා කැමති නෑ මාධ්‍යකවත් පෙනී ඉන්න. එයා මට කවදාවත් කියන්නෙ නෑ සිංදු කියන එක නවත්තන්න කියලා. එයාගෙන් මගේ ජීවිතයට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයත් කාර්යබහුල කෙනෙක් වුනාට පවුල ගැනත් හොදට බලනවා.”

මේ විදියටයි ජනප්‍රිය ආකර්ෂණීය හඩක් හිමි නදිනි ප්‍රේමදාස ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *