මගේ බිරිදව හොයාගන්නකොට එයාට 13 යි මට 19 යි, මුල් කාලේ අපිට තිබ්බේ බයිසකලයක්
සංගීත ක්ශේෂ්ත්‍රය තුළ ජනප්‍රිය ගායකයෙක් විදියට රසික ආදරය ඉහලින්ම ලැබෙන ගායන ශිල්පියෙක් තමයි නදීර නෝනිස් කියන්නේ. කණ්ඩායම් සංගීත කලාව තුල ඔක්තපෑඩ් වාදනය කල නදීර පසුව ගායකයෙක් විදියට මේ වන විට ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි කෙනෙක් වෙලා.
ඉතින් තමන්ගේම ගීත කිහිපයක්ම නිර්මාණය කල නදීරගේ ජනප්‍රිය ගීතයක් විදියට ‘පුංචි සමනලී’ ගීතය කාගේත් ආදරය ලබා ගන්න ගීතයක් බවට පත් වෙලා. අවුරුද්දක් විතර කාලයක් යනතුරු අලුත් ගීතයක් නොකල නදීර ඔහුගේ ආදරණීය බිරිද සමගින් අලුත් නිර්මාණයක් කරන්න තමයි සූදානමින් සිටින්නේ.

ඉතින් මේ වන විට සුන්දර කැදැල්ලකට හිමිකම් කියන නදීර නෝනිස් දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්. සැමියෙක් සහ පියෙකුගේ වගකීම් මැනවින් ඉටු කරන නදීර නෝනිස්ට බිරිද හමුවුණු විදිය ගැන මේ විදියටයි ඔහු එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.
” මට මොකුත්ම නැති කාලේ තමයි රංගාලි මම එක්ක යාලුවුනේ. අපි දෙන්නා යාලු වෙනකොට එයාට වයස 13 යි මට වයස 19 යි. අපි අවුරුදු 8 ක් ආදරේ කරලා තමයි විවාහ වුණේ. ඒ කාලේ මට තිබ්බේ බයිසිලකයක්. දැන් මට වාහනයක්, ගෙදරක් තිබුනට ඒ කාලේ මට මොකුත්ම තිබුණෙ නෑ. මගේ අමාරු කාලේ මම එක්ක හිටපු එයා එක්ක දැන් මම අනිවාරෙන් සිටිය යුතුමයි. රංගාලිගෙ හොදම යාලුවා මගේ නංගී. එයා තමයි ලියුම් එහෙම එහෙ මෙහෙ කරලා අපිට උදව් කලේ.”

මේ විදියටයි නදීර නෝනිස් අපේ ජනප්‍රිය ගායන ශිල්පියා අදහස් දක්වලා තිබුණේ.