මම වයිෆ්ගෙ ගෙදරින් ඇහුවෙ මම ඔයාලගේ දුවගෙ නමවත් දන්නෙ නෑ ඒත් මම එයාව බදින්න කැමතියි
අපේ රටේ ඉන්න චරිතාංග ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි තමයි මිහිර සිරිතිලක කියන්නේ. ඔහුගේ අති විශිෂ්ට රංගනය නිසා ප්‍රේක්ෂකයා හරිම ආසාවෙන් උනන්දුවෙන් ඔහු ඉන්න කලා නිර්මාණයන් නරඹනවා. වේදිකාව තුළ වගේම ටෙලි තිරය ඔස්සේත් නිතරම දැක ගන්න පුලුවන් මිහිර සිරිතිලක ප්‍රේක්ෂකයාව සිනහ සාගරයේ ගිල් වන්නට සමත් දක්ෂ රංගන ශිල්පියෙක්.

ඉතින් මිහිර සිරිතිලක මේ දක්ෂ රංගන ශිල්පියා රංගනය කරන මේ දිනවල හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යය ඉතම ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ රෝසා කියන චරිතයට හැමෝගෙම වගේ ආදරය ලැබෙනවා.
ඉතින් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන මිහිර සිරිතිලක මේ වන විට විවාහ වෙලා සතුටින් පවුල් ජීවිතය ගත කරන කෙනෙක්. ඔහු යන සෑම අවස්ථාවකදීම වගේ ඔහු බිරිදත් සමගයි යන්නෙ. ඉතින් මිහිරට බිරිදව මුණ ගැහුණු ආකාරය ගැන මේ විදියටයි ඔහු එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” වයිෆ්ව ඒ වෙනකොට හම්බවෙලා කතා කරලා මම කෙලින්ම ඇහුවේ එයාලගෙ ගෙදරින්. ඒ වෙනකොට මට රස්සාවක් නෑ, ඉන්න තැනක් නෑ බෝඩින් වල හිටියේ. ඒ වුනාට මම එයාලගේ අම්මලාගෙන් ඇහුවා ඔයාලගේ දුවගේ සම්පූර්ණ නමවත් මම දන්නෙ නෑ ඒ වුනාට මම එයාව බදින්න කැමතියි කියලා. බිරිදගෙ ගෙදරිනුත් කැමති වුණා අපේ ගෙදරිනුත් කැමති වුණා. ඉක්මනටම අපි දෙන්නා බැන්දා.”
මේ විදියටයි මිහිර සිරිතිලක ඔහුගෙ අදහස් දක්වලා තිබුණෙ.