Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඉස්කෝලෙ යනකාලේ මම ක්‍රීඩා තරගවලට යන්නෙ නෑ, අනිත් අය උසයි මම මිටි නිසා පැරදෙනවා

කලාවේ සියලු ක්ශේෂ්ත්‍රයන්වලට දක්ෂතා දක්වන ඔහු ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලක. ඔහු නිවේදකයෙක්, ගායකයෙක්, රචකයෙක්, රංගන ශිල්පියෙක් යනාදී සියලු අංශයන්ට දක්ෂතා දක්වන කෙනෙක්. ඉතින් මිහිර සිරිතිලක මේ දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ ජීවිත අත්දැකීම් අනුසාරයෙන් ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා.

ඒ වගේම මේ දිනවල ඔහුව දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ රෝසා විදියට. එකිනෙකට වෙනස් වූනු චරිත රංගනයන් හරහා අපි අතරට එන මිහිර සිරිතිලක මේ වන විට විවාහ වෙලා. නමුත් ඔහුගේ බාල කාලය තුළ සහෝදරයන් දෙදෙනෙක් එක්ක ඔහු කාලය ගත කරලා තියෙන්නේ.

පාසල් කාලේ අධ්‍යාපනයට දක්ෂතා දක්වන මිහිර ඔහුගේ අත්දැකීම් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම ඉස්කෝලේ යනකාලේ ක්‍රිඩා තරගවලට යන්නෙ නෑ. මොකද මම මිටියිනේ. අනිත් ළමයි උසයි මහතයි. මම ගියොත් අනිවාරෙන් පැරදෙනවා. අනිත් කට්ටිය දුවලා ඉවරවුනාම තමයි මට දුවන්න වෙන්නේ. මම ක්‍රීඩා වලට දක්ෂ නැති නිසා අම්මා කිව්වා ඔයා අනිත් පැත්තෙන් දක්ෂයිනෙ කියලා. ඉතින් මම කථික තරගවලට ගියාම අනිවාරෙන් එක වෙනවා.”

මේ විදියටයි දක්ෂ රංගන ශිල්පී මිහිර සිරිතිලක ඔහුගෙ ළමා කාලය ගැන අදහස් දක්වල තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *