Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම සමාජ සේවා කරන්න පටන් ගත්තේ රංගනයට එන්නත් කලින්, ළගදී පාසල් ළමුන්ට සපත්තු ලබා දුන්නා

සම්මානනීය රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ කා අතරත් වැඩි ආකර්ෂණය ලබන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා. ඇය රංගනයෙන් දායක වෙන මේ දිනවල දැක ගන්න පුලුවන් ටෙලිනාට්‍යය තමයි ‘කාසි’. කාසි හී සාගරිකා කියන චරිත අභියෝගයට තම සාධාරණත්වය උපරිමයෙන් ලබා දෙන්නට උත්සහ කරන මිෂෙල් දිල්හාරා මේ ටෙලිනාට්‍යය තුළ ඇය රංගනය කරන්නේ ප්‍රවීන රංගන ශිල්පී පාලිත සිල්වා සමගින්.

ඉතින් ඇය රංගනය කරන හැම චරිතයක්ම පාහේ ප්‍රේක්ෂකයන් කතා බහට ලක් වෙන විවිධ වූ චරිත රංගනය කරන මිෂෙල් සම්මාන ලබා ගන්නට වාසනාවන්ත වුණු තවත් නිර්මාණයක් තමයි ‘සුදු ඇදගෙන කලු ඇවිදින්’ ටෙලිනාට්‍යය. ඇය රංගනය කරන වෙනස්ම චරිත හතරක් සහිත නිර්මාණ තුළින් ඉදිරියේදී මිෂෙල්ට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන්.

ඉතින් මිෂෙක් දිල්හාරා කිව්ව සැනින් හැමෝටම මතක් වෙන්නේ ඇගේ සමාජ සත්කාර ක්‍රියාවන්. ඉතින් Earth day network ආයතනයේ ලංකා තානාතිපති ධූරය ලැබීමත් එක්ක ඇයට හැකියාව ලැබුණා සමාජ සේවා ව්‍යාපෘති කරගෙන යන්න. ඉතින් ඇය සමාජ සේවා වැඩ කටයුතු සිදු කරන නිසා ඒ ගැන ඇය එක්තරා පුවත්පතකට දැක් වූයේ මේ වගේ අදහසක්.

” මම මේ වෙද්දී වැඩ සටහන් 250කට අධික සංඛ්‍යාවක් කරල තියනවා. ළගදි කළේ නම් පාසල් ළමුන් සඳහා අවශ්‍ය සපත්තු කුට්ටම් 250ක් ලබා දීමයි. පසුගිය කාලයේ දී සහල් බෙදා දුන්නා. මම කොහොමත් ලැබෙන ආදායමෙන් 60%ක් සමාජ සත්කාර සඳහා යොදවනවා. මේ දේවල් මම මාධ්‍ය වල දාන්නේ ඒ දේ දැකලා තව කෙනෙක් මේ දේකට පෙළඹෙන නිසා. එහෙම නැතුව කිසිම අමතර ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි. ‘’

මේ විදිහටයි සුරූපී රංගන ශිල්පිනි මිෂෙල් දිල්හාරා ඇගේ අදහස් පල කරලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි අනාගතයට අපිත් සුභම සුභ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *