Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ ජීවිතේ ලස්සනම දවසෙ මාව හැඩගැන්වූවේ චන්දිමාල් අයියා, එයාට මම ගොඩක් ආදරෙයි

රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුරූපිනියක් වන මාෂි සිරිවර්ධන කාගේත් ආදරය ලබා ගන්න ජනප්‍රිය කෙනෙක්. ඉතින් මාෂි කියන්නේ අවුරුදු කුමරිය තරගාවලියක් හරහා ජයග්‍රහණය කරලා ක්ශේෂ්ත්‍රයට පිවිසුණු කෙනෙක්. ඇය ගැන මේ දිනවල නිතරම කතා බහට ලක්වෙනවා. ඒ මාෂි රංගනයෙන් දායක වුනු ‘යුගාත්‍රා’ චිත්‍රපටයේ මුහුරත් උළෙල් දා ගත් ඡායාරූප නිසා.

ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුරූපිනියන් අතරින් කැපී පෙනෙන චරිතයක් වන මාෂි විවාහ වෙලා ඉන්නේ චරිතාංග රංගන ශිල්පියෙක් විදියට කවුරුත් හදුනන පුබුදු චතුරංග සමගිනුයි. පුබුදු සහ මාෂි සතුටින් ජීවිතය ගෙනි යද්දී ඔවුන්ගේ ජීවිත වලටත් විවිධ කතා මැවෙනවා. මොන කතා හැදුවත් ඔවුන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන පුබුදු සහ මාෂි නිතරම සමාජ මාධ්‍ය ජාලා හරහාත් දැක ගන්න ලැබෙනවා.

ඉතින් මාෂි ඇගේ ජීවිතයේ ඇය ලස්සනටම හැඩ ගැනුවුනු දවස විදියට තවමත් ආදරේ කරන්නේ ඇගේ විවාහ මංගල දිනයේදී. ඒ ගැන මාෂි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම මගේ ජීවිතේ ලස්සනටම හැඩ වුණේ මගේ වෙඩින් එක දවසෙ. ඉතින් එදා මාව ලස්සනට හැඩ කලේ චන්දිමාල් අයියා. මම හරි ආදරෙයි එයාට. මම තවමත් ඒ ෆොටෝස් දකිද්දී පුදුම සතුටක් දැනෙන්නේ. ඉතින් චන්දිමාල් අයියගෙ ඕන වැඩකට අපි එනවා.”

මේ විදියටයි චන්දිමාල් ජයසිංහ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියා ගැන මාෂි කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *