Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මන්ජිත උසයි කියනවට කැමති නෑ, පොඩි කාලේ රගපෑම කියන වචනෙ ඇහෙනකොට දුවනවා

අපේ කලා ලෝකයේ වේදිකා නාට්‍යය ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි රත්නා ලාලනී ජයකොඩි කියන්නේ. ඉතින් කලා ලෝකයේ අමතක කරන්න බැරි කලා පවුලක් තමයි ජයකොඩි පවුල කියන්නේ. ඉතින් විවිධ චරිත හරහා දක්ෂතා දක්වන ජයකොඩි පවුල අද වන විට කලාවට බර රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් බිහි කරලා.

ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි, සම්පත් තෙන්නකෝන්., බිමල් ජයකොඩි, සුජානි මේනකා, පබෝදා සන්දීපනී, යෂ් වීරසිංහ, මන්ජිත තෙන්නකෝන් කියන මේ සියලු කලා ශිල්පීන් ශිල්පිනියන් බිහි වුණේ ජයකොඩි පරම්පරාවෙන්. ඉතින් රත්නා ලාලනී ජයකොඩි දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය වෘත්තියෙන් ගුරුවරියක් වගේම මේ වන විට කලාව තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්.

ඉතින් ඇගේ ආදරණීය පුත්‍රයා තමයි මන්ජිත තෙන්නකෝන් කියන්නේ. මන්ජිත කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය කඩවසම් චරිතයක් වගේම ඔහු සංගීතයට ප්‍රිය කරන කෙනෙක්. සංගීත වැඩ කටයුතු වගේම රංගන ක්ශේෂ්ත්‍රයේ වැඩ කරන මන්ජිත ගැන රත්නා ලාලනී මහත්මිය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ පුතා ඉස්සර රගපෑම කියන වචනෙ ඇහෙනකොට දුවලා ඉවරයි. එයා පොඩි කාලේ කැමතිම නෑ රගපාන්න. ඉස්කෝලෙදිත් කිසිම රගපාන දේකට එන්නෙ නෑ. සංගීත වැඩ වලටනම් ඉහලින්ම එනවා. අම්මයි තාත්තයි රගපාන නිසා එයා ඇයි කලාවට සම්බන්ධ වෙන්නැත්තෙ කවුද කියලා අහන නිසා දැන්නම් කලා කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ. මන්ජිත උසයි කියනවට එයා කැමති නෑ. එයා කියනවා ෆොටෝ එකක්වත් ගහන්න බෑලූ වෙන කට්ටියත් එක්ක.”

මේ විදියටයි රත්නා ලාලනී ජයකොඩි රංගන ශිල්පිනිය ඇගේ පුතා මන්ජිත තෙන්නකෝන් ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *