අපේ අම්මයි තාත්තයි ගොඩක් ලස්සනයි, අම්මව තාත්තා බය කරලා කසාද බැදලා තියෙන්නේ
අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි මානෙල් වානගුරු කියන්නේ. ඇය රංගනය කල චිත්‍රපට, ටෙලිනාට්‍යය තුළින් අද වන විට එතුමිය ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ආදරයක් ලබා ගන්නවා. මේ දිනවල පුංචි තිරය හරහා අපිට දක්ෂ රංගන ශිල්පිනිය මානෙල් වානගුරු මහත්මිය දැක ගන්න පුලුවන්. ඒ හිරු නාලිකාවේ විකාශය වෙන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ විටින් විට දකින්න ලැබෙන ටීනගේ අම්මයි.
ඉතින් දක්ෂ රංගන ශිල්පිනී මානෙල් වානගුරු විවාහ වෙලා සිටින්නෙත් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්ත චරිතයක්. ඔහුත් රංගනය කල නිර්මාණ ගණනාවක්ම තියෙනවා. ඉතින් ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට කවුරුත් ආදරය කරන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ සුන්දර කැදැල්ලෙන් අපේ කලා ක්ශේෂ්ත්‍රයට දායාද කරලා තියෙන්නේ දක්ෂ කලා තරුදෙකක්.

ජනිත් සහ සංකේත් ඇතුලුව සියලුදෙනාම කලා ක්ශේෂ්ත්‍රය පෝෂණය කරන අපේ කලා තරු. ඉතින් මානෙල් වානගුරු මහත්මිය කුඩා කාලයේ ඉදලම හැදී වැඩුනේ කලා පසුබිමක. ඒ ගැන ඇය එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” අපේ තාත්තා ඩඩ්ලි වානගුරු. මගේ තාත්තා හින්දා කියනවා නෙමෙයි එයා ගොඩක් කඩවසම් කෙනෙක්. හම තළෙලු පාට වුනාට කැපී පෙනෙන චරිතයක්. අපේ අම්මත් එහෙමයි. සුන්දර තරුණියක්. අපේ අම්මාට රේඛාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටත් කතා කරලා තිබුණා. අපේ අම්මා කියලා තාත්තා රගපෑවට මම රගපාන්නෙ නෑ කියලා. අපේ තාත්තා රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. අම්මා තාත්තට වඩා අවුරුදු 13ක් බාලයි. අම්මව කසාද බැදලා තියෙන්නෙ තාත්තා බය කරලා.”

මේ විදියටයි මානෙල් වානගුරු මහත්මිය අදහස් දක්වලා තිබුණේ.