Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ආනන්ද අසනීප වුන දා ඉදලා මගේ තාත්තා වුණේ ජනිත්, මම හරිම වාසනාවන්තයි මේ වගේ දරුවො දෙන්නෙක් ලබන්න

ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු කියන්නේ අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් සහ ශිල්පියෙක්. ඉතින් වේදිකාවේ ඉදලා ගත්තම පුංචි තිරය, සිනමාව කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම විවිධ දක්ෂතා දක්වපු දෙදෙනෙක් තමයි ඔවුන් දෙදෙනා. ඉතින් ආනන්ද වික්‍රමගේ ආදරණීය අපේ ජේෂ්ඨ කලාකරුවාණන් රංගනය කරපු එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘පබා’ ටෙලි නාට්‍ය මර්වින් චරිතයට ගොඩ දෙනෙකුගේ ආදරය ලබා ගන්නට සමත් වුණා.

ඉතින් මානෙල් වානගුරු මහත්මියත් එදා සිට අද දක්වාම රංගන කේෂ්ත්‍රයට දක්වන්නෙ මහඟු සේවයක්. ඇගේ දෙමව්පියන් ගෙන් ලද කලා ආභාෂය තම ඉදිරි පරම්පරාවටත් නොඅඩුව ලබාදෙන මානෙල් වානගුරු කලාකාරිනිය තම පුතුන් දෙදෙනා මත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කරගන්නවා.

නමුත් කිසිම අයුරකින් ඔවුන්ට බලපෑම් කරන්නේ නැතිව දරුවන්ගේ කැමැත්තෙන්ම ක්ෂේත්‍රයට එන ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ කියන්නෙත් ඉතාම ජනප්‍රිය තරුණ රංගන ශිල්පීන් දෙදෙනෙක්. සංකේත් ව මේ දිනවල අපිට පුංචි තිරය හරහා දැකගන්නට නොලැබුනත් ජනිත් නම් නිවේදකයෙක් විදියට සහ රංගන ශිල්පියෙක් විදිහට කලාකරුවන් සමග ඉතාම සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්.

ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී මානෙල් වානගුරු මහත්මිය තම පුතුන් දෙදෙනා ගැන අදහස් දක්වන විට සංවේදී වෙලා තිබුණා. ඉතින් එහිදී ඇය සඳහන් කරන්නේ මේ ආකාරයෙන්.

” ඇත්තටම ජනිත් සහ සංකේත් කියන්නේ හොඳම හොඳ පුතාලා දෙන්නෙක්. මම ගොඩක් වාසනාවන්තයි ඒ වගේ පුතාලා දෙන්නෙක් මට ලැබුණ එක ගැන. තාත්තා අසනීප උනාම ජනිත් මගේ තාත්තා වගේ. එයාලා පවුල වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. මට ඒ දෙන්නා ගැන කතා කරනකොට ඇඩෙනවා.”

මේ විදිහටයි මානෙල් වානගුරු මහත්මිය ඇගේ පුතුන් දෙදෙනා වන ජනිත් සහ සංකේත් ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *