අම්මගේ හීනය තමයි මාව ගායකයෙක් කරන එක, මම මගේ අම්මව රැජිනක් වගේ බලා ගන්නවා
හිරු නාලිකාවේ ජනප්‍රිය රියැලිටි වැඩ සටහනක් වුණු ‘හිරු ස්ටාර්’ තරගාවලිය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගනිමින් සංගීත ගමන පටන් ගත්ත ඔහු මනේජ් සංජය. ඉතින් ජනප්‍රිය ගායකයෙක් විදියට මනේජ් සංජය හිරුස්ටාර් සහභාගි වෙන්න කලින් සිටම හික්කඩුව ශයිනි සංගීත කණ්ඩායමේ ගීත ගැයුවා.

නමුත් මනේජ්ගේ සංගීත ගමනට ආලෝකයක් එක් කලේ හිරු ස්ටාර් වේදිකාව. ඉතින් පාසල් යන කාලේ ඉදලා වෛද්‍යවරයෙක් වෙන්න හිටපු මනේජ්ගේ පවුලේ ආර්ථික තත්වය නිසා ඒ හීනෙට පාර කපා ගන්න ඔහුට නොහැකි වුණා. නමුත් මිනිසුන්ගේ මනස සුවපත් කරවන ගායකයෙක් වෙන්න හැකියාව ලැබීම ගැන මනේජ් මේ වන විට තෘප්තිමත් වෙනවා. ඉතින් ඔහුගේ සංගීත ගමන ගැන ඔහු අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” අපේ අම්මගේ ආසාව තමයි මම ගායකයෙක් කරන එක. ඉතින් මම පොඩි කාලේ මියුසිකල් වලට එක්ක ගිහින් අම්මා මාව කොහොම හරි සංවිධායක මණ්ඩලයට කතා කරලා මට සිංදු කියන්න අවස්ථාව අරන් දීලා තියෙනවා. එහෙම බැරි වුනු අවස්ථාවල අම්මා අඩලත් තියෙනවා. ඉතින් අම්මගේ ආසාව ඉටු කරන්න පුලුවන් වුනා. දැන් මම මගේ අම්මව රැජිනක් වගේ බලා ගන්නවා.”

පණට නමක්, පොරොන්දුවක්, උපමාවක්, ජෝඩු කරගෙනා, මනාලයි, සසර බැදීමක් වැනි මනේජ් ගායනා කල ගීත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත්තා. ඉතින් ඔහු මේ වන විට ආදරණීය පියෙක්. ඉතින් නිහතමානී ගායකයෙක් වන මනේජ් සංජය අදහස් දක්වලා තිබුනේ මේ විදියටයි.