Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

වයිෆ් ප්‍රෙග්නන්ට් වුනාම මම උඩ පැන්නා, බබා අතට දුන්නම මට ඇඩුනා

රියැලිටි ගායන තරගාවලියකින් ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට එකතු වුණු ඒ කලා තරුව තමයි මනේජ් සංජය කියන්නේ. ඔහු හිරු ටීවි එකේ හිරු ස්ටාර් හරහා කිරුළ ලබා ගන්නට නොහැකි වුනත් ඒ හරහා තමයි ගායන ක්ශේෂ්ත්‍රයට එන්නේ. ඉතින් හිරු නාලිකාවේ විකාශය වෙන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගයන්නෙත් මනේජ් සංජය විසින්.

ඉතින් ඒ විදියට ගායන ක්ශේෂ්ත්‍රය තුළ මේ වන විට නිහතමානී ගායකයෙක් විදියට කාගෙත් ආදරය ලබා ගන්න මනේජ් මේ වන විට ඔහුගේ බිරිදට හොද සැමියෙක් වගේම දරුවට හොද පියෙක්. ඉතින් ඔහුගේ කුළුදුල් පිය පදවිය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තියෙන්නේ.

” මම හොද පියෙක්. මගෙ බිරිදයි මමයි ප්ලෑන් කරලා දරුවෙක් හැදුවෙ නෑ. අපි ඕනම දේකට රෙඩි පිට හිටියා. ඉතින් එයා ප්‍රෙග්නසි ටෙස්ට් එක කරලා ලැජ්ජාවෙන් පාන්දර 5 ට විතර මට කිව්වේ. ඒ වෙලාවෙ සතුට වැඩි කමට මම උඩ පැන්නා. බබා හම්බවෙන්න වයිෆ් හොස්පිටල් නතර කරලා මට ශෝ එකකට යන්න වුණා. එක අපේ රැකියාවේ හැටි. නමුත් මම ගොඩක් දුක් වුණා. ඒත් මම හොස්පිටල් එකට එනකොට මම අතට බබා ගෙනත් දුන්නම මට ඇඩුනා. මට හිතෙන්නෙම මගේ ලේ වලින් හැදුන ළමයනේ කියලා.’’

ඉතින් මේ විදියටයි ජනප්‍රිය තරුවක් වන මනේජ් සංජය ඔහුගේ පවුලේ සුන්දරත්වය ගැන මාධ්‍ය වෙත කියලා තිබුණේ. ඉතින් ඔහුගේ සුන්දර කැදැල්ලට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *