වැටුණු තැනින් නැගිටින්න අම්මා මට ශක්තිය දුන්නා, ගැහැණියකගේ දරාගැනීම පිරිමියෙකුට කරන්න බෑ
දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගාවලිය හරහා ළමා ගායිකාවක් විදියට ක්ශේෂ්ත්‍රයට ආපු ඇය මනීෂා චංචලා මේ වන විට රංගන ශිල්පිනියක්, ගායිකාවක් වගේම නිවේදිකාවක් විදියට කාගේත් අවධානය ලබා ගනිමින් සිටිනවා. පසුගිය දා විකාශය වුනු සිදූ ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතයට තමයි මනීෂාට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නට හැකි වුනේ.

ඉතින් ඒ වගේම කාලයක් කලා ක්ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු සමගින් මනීෂව දැක ගන්න ලැබුණේ නැතත් ඇය ඇගේ සංගීත විශාරද විභාගය සදහා සූදානම් වුණා. ඉතින් ඒ කාලයේ කලා කටයුතු සමග එකතු වෙන්නට නොහැකි වුණත් මනීෂා ගැන අපිට අහන්නට ලැබුණෙ ඇගේ ප්‍රේම සම්බන්ධය ගැනයි. ඉතින් ක්ශේෂ්ත්‍රයේම ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් වන අශේන් සිරිවර්ධන සමගින් තමයි මනීෂා ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නේ.
ඉතින් මනීෂා මේ දිනවල පුංචි තිරයේ දැක ගන්නට ලැබෙන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘අපි එක රෑණේ’ ටෙලිනාට්‍යය. එහි වර්ෂා විදියට තමයි මනීෂා එහි රගදැක්වූයේ. ඉතින් මනීෂා ඇගේ අදහස් මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මේ ගෙවන්නේ අපි හැමෝටම අමාරු කාලයක්. මේක රට දාලා යන්න ඕන කාලයක් නෙමෙයි. තරුණියක් විදියට වැටුණු තැනින් නැගිටින විදිය අම්මා මට කියලා දුන්නේ. සමාජයේ ශක්තිමත්ම කෙනා කාන්තාව. පිරිමියෙක්ට ගැහැණියකට වඩා දරා ගැනීමේ ශක්තිය තියෙනවා.”
මේ විදියටයි මනීෂා චංචලා ඇගේ අදහස් දක්වලා තිබුණේ.