Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අශේන්ගෙ ඉවසීම හොදටම තියෙයි, එයා මට දෙන්න ඕන තැනදි උපරිමේටම ඉවසනවා

පුංචි තිරය හැඩ කරන සුරූපිනියක් විදියට කොයි කවුරුත් ආදරේ කරබ ඒ සුරූපිනිය තමයි මනීෂා චංචලා කියන්නේ. ඇය රංගනයට වගේම ගායනයටත් ගොඩක් දක්ෂ කෙනෙක්. දෙරණ නාලිකාවේ විකාශය වුණු ‘සිදූ’ ටෙලිනාට්‍යයේ චරිත රංගනයකට දායක වුණු මනීෂා ඉතා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබා ගත්තේ මේ ටෙලිනාට්‍යය හරහායි.

ඉතින් ගායනයට වගේම රංගනයටත් දස්කම් දක්වන මනීෂාව අපිට නිවේදිකාවක් විදියටත් දැක ගන්න ලැබුණා. ඉතින් සුරූපී මනීෂා චංචලා ගැන හැමෝම කතා කරන්නට වුණේ ඇගේ ප්‍රේම සබතාවයත් එක්කයි. ඇගේ අත ගන්න බලන් ඉන්න ඒ කඩවසම් තරුණයා තමයි ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඒ වගේම ක්‍රිඩකයෙක් වන අශේන් සිරිවර්ධන. ඔහුත් මේ වන විට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ජනප්‍රිය තරුවක් වෙලා.

ඉතින් මනීෂා සහ අශේන්ගේ ආදර කතාවට ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. මේ ආදර කතාව තුළ දෙන්නට දෙන්නා තේරුම් ගන්න ආකාරය ගැන මේ විදියටයි මනීෂා එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වල තිබුණේ.

” මට සාමාන්‍යයෙන් ටිකක් තරහ යන කෙනෙක්. ඉතින් මට තරහ ගියාම ඉවන්න පුලුවන් හොදම හොද කෙනෙක් තමයි අශේන්. එයාට ගොඩක් හොදට සිටුඒෂන් බැලන්ස් කරන්න පුලුවන්. දෙන්න ඕන උපරිම තැනදි හොදටම එයා ඉවසනවා. එයා මාර්ෂල් ආර්ට්ස් කරන නිසා වෙන්න ඇති මෙච්චර හොදට ඉවසීම ප්‍රගුණ වෙලා තියෙන්නේ.”

මේ විදියටයි මනීෂා සහ අශේන් ආදර කතාව ගැන ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *