Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අශේන්ගේ රූපේ හරියට අපේ අප්පච්චි තරුණ කාලේ වගේ, ඉක්මනටම අපි අපේ වෙනවා

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් කියන මේ ක්ශේෂ්ත්‍ර 3 හරහාම ජනාදරයට පාත්‍ර වුණු මනීෂා චංචලා මේ දිනවල පුංචි තිරයෙ වගේම සමාජ මාධ්‍යයේත් ඉතාම ජනප්‍රියයි. ඉතින් මනීෂා රංගනයෙන් දායක වෙන මේ දිනවල කවුරුත් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යයක් තමයි ‘අපි එක රෑනේ’ කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ වර්ෂා විදියට රංගනය කරන මනීෂා සැබෑ ජීවිතේදී ආදරණීය පෙම්වතියක්

ඇගේ ආදරණීය අනාගත සහකරුවා තමයි ජනප්‍රිය රංගන ශිල්පී කරාතේ ගුරුවරයෙක් විදියටත් වැඩ කටයුතු කරන අශේන් සිරිවර්ධන. ඉතින් ඔහුත් ක්ශේෂ්ත්‍රයේ ම කෙනෙක් නිසා මනීෂාට ඇගේ ආදරය නිසියාකාරව පවත්වාගන්න පහසු වෙලා තියෙනවා කියලයි මනීෂා කියන්නේ. ඉතින් මනීෂා අශේන් ආදර කතාවත් එක්ක සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේ ආදර කතාව ගැන ප්‍රේක්ෂකයන් හරිම උද්‍යෝගයෙන් හොයන්න පටන් ගත්තා.

ඉතින් බොහෝ දෙනාගේ විවේචනයත් තවත් රසිකයින්ගේ ආශිර්වාදත් එක්ක සතුටින් ගත කරන මනීෂා සහ අශේ මුණ ගැහිලා තියෙන්නේ මේනක රාජපක්ෂගේ ගුග්ලි ටෙලිනාට්‍යය හරහායි. ඉතින් හොදම යාලුවෝ වගේ ඉදලා දන්නෙම නැතුව ආදරයක් පටන් ගන්න මනීෂා සහ අශේන්ගේ ආදර කතාව ගැන මනිශා මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මගේ යටිහිතේ තිබුණා අපේ අප්පච්චි වගේ කෙනෙක් වුණොත් හොදයි කියලා. ඉතින් අපේ අප්පච්චි තරුණ කාලේ වගේ තමයි අශේන්. එයා හරිම ඉවසිලිවන්ත හොද හදවතක් තියෙන පෙම්වතෙක්. අපිදෙන්නම එකම ක්ශේෂ්ත්‍රයේ නිස දෙන්නට දෙන්නා ගැන හොද අවබෝධයක් තියෙනවා. අනික අපේ ගෙදරට අශේන් ගැන කිව්ව ගමන් කැමති වුණා. දැන් අපේ ගෙදර චූටි පුතා එයා. ඉක්මනටම අපි අපේ වෙනවා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා ඇගේ පෙම්වතා ගැන කියලා තිබුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *