Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මමයි අශේනුයි හම්බවෙනකොට අපේ හිත් නිදහසේ තිබුණේ, හැබැයි මම ප්‍රශ්න ගොඩක හිටියේ

පුංචි තිරයේ ඉන්න සුරූපි රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආදරය ලබා ගන්න ඇය සුරූපි මනීෂා චංචලා. මනීෂා මීට ටික කාලයකට ඉහතදී රංගනය කල සිදු ටෙලිනාට්‍යය හරහා බොහෝ රසික ආදරයක් ලබා ගත්ත රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය මේ දිනවල ටෙලි තිරය හරහා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන් දෙරණ නාලිකාව හරහා.

දෙරණෙහි විකාශය වෙන ‘අපි එක රෑණේ’ ටෙලිනාට්‍යයේ වර්ෂා විදියට රංගනය කරන මනීෂා කාලයක් සමාජ මාධ්‍යයේ නිතරම කතා බහට ලක්වෙන චරිතයක් වුණා. ඒ ඇගේ ප්‍රේම සම්බන්ධතාවයක් බිදී යාම නිසා. නමුත් ඇය නැවත ආදරය උපරිමයෙන් විදින බවට අපිට මෑතකදී දැන ගන්න ලැබුණා. ඒ ජනප්‍රිය රංගන ශිල්පී අශේන් සිරිවර්ධන සමගින්.

ඉතින් අශේන් සහ මනීෂා කියන්නේ ආදරණීය පෙම්වතුන් කියලා මේ වන විටනම් බොහෝ දෙනා දන්නවා. ඒ නිසාම ඔවුන්ගේ නවතම තොරතුරු හැමෝම හොයනවා. ඉතින් මේ සුන්දර ආදරය මුණ ගැහුණු ආකාරය ගැන මේ විදියටයි මනීෂා එක්තරා යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මමයි අශේනුයි මුණ ගැහෙන විට අපි දෙන්නගෙම හිත් නිදහසේ තිබුණේ. කවුරුත් අපි දෙන්නගෙම හිත්වල නතර වෙලා තිබුණෙ නෑ. නමුත් අශේන්නම් සාමකාමීව හරිම නිදහසේ හිටපු කෙනෙක්. මමනම් ප්‍රශ්න ගොඩක් හිටියේ. අපි දෙන්නගෙම ගෙවල් වලින් අපිව හොදට තේරුම් අරන් ඉන්නේ. අපි දෙන්නගෙම දෙමව්පියෝ වගේ දෙමව්පියන්ව ලබන්න අපි දෙන්නා හරි වාසනාවන්තයි.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා චංචලා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *