Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම පොඩි කාලේ ඉදලා බලාපොරොත්තු වුණේ මගේ පෙම්වතා බොරු ශෝ නැති කෙනෙක් වෙන එක

ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන තරුවක් තමයි මනීෂා චංචලා කියන්නේ. ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින් ලැබෙන රංගන ශිල්පිනියක්. ඉතින් සමාජ මාධ්‍යයේ කවුරුත් අතර කතා බහට ලක් වෙන මනීෂා චංචලා මේ දිනවල දැක ගන්න ලැබෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘අපි එකරෑණේ’ ටෙලිනාට්‍යය තුළ. එහි වර්ෂා විදියටයි මනීෂා චංචලා රංගනයෙන් දායක වෙන්නේ.

ඉතින් පුංචි තිරයේ විවිධ රැගුම් රගන මනීෂා ගැන කවුරුත් උනන්දුවෙන් මේ දිනවල කතා කරන්නට වෙලා. ඒ ඇයගේ ප්‍රේම සම්බන්ධය නිසයි. ඉතින් මනීෂාගේ හිත ගත්ත ඔහු තමයි ජනප්‍රිය රංගන ශිල්පී අශේන් සිරිවර්ධන. අශේන් සහ මනීෂා සමාජ මාධ්‍යයේ විවිධ කතා බහට ලක් වුණත් විවිධ විවේචනයන් අහන්නට සිදු වුණත් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. ඉතින් මනීෂා අශේන් ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම පොඩි කාලේ ඉදලම බලාපොරොත්තු වුණේ ආදරය උපරිමයෙන් තියෙන කෙනෙක්. මම ආදරය උපරිමයෙන් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ නිසා බොරු ශෝ නැති හිතට අවංකව වැඩ කරන අශේන් වගේ කෙනෙක් මම හෙව්වේ. මට පොඩි කාලේ ඉදලා ලොකු ලොකු හීන තිබුණෙ නෑ. ලොකු වෙඩින් ගන්න ඕන වුණේ නෑ.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා චංචලා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *