සහෝදර සහෝදරියො 10ක් එක්ක මම හැදුනෙ, පොඩි කාලේ මම දගයි, හිතුවක්කාරයි
ලාංකීය සිනමාවේ නිළි රැජින කිව්වම ලොකු කුඩා කොයි කවුරුත් දන්නවා මේ කියන්නේ අපේ රටේ ප්‍රවීනතම රංගන ශිල්පිනියක් වන මාලනී ෆොන්සේකා කියලයි. හැමෝම එතුමියව ඒ විදියට හැදින්වූවත් ඇගේ සම්පූර්ණ නම මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා. ඉතින් චිත්‍රපට ගණන් කරන්නට නොහැකි ගණනකට රංගන දායකත්වය ලබා දුන් ඇය අපේ සිනමාව පෝෂණය කල අති දැවැන්ත චරිතයක්.

” අපේ පවුලෙ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ දහ දෙනෙක් ඉන්නවා. මමත් එක්ක එකොළහයි. කට්ටිය කියන විදියට මම පොඩි කාලේ හරිම දගයිලු හිතුවක්කාරයිලු. කැළනියෙ පදිංචි වුනාට ඔවුන් මුල් කාලේ නුගේගොඩ තමයි ජීවත් වුණ්. එතුමිය අධ්‍යාපනය ලබන්නේ කැළණිය ගුරුකුල මහා විද්‍යාලයේ. මම කලා ලෝකයට පිවිසුණේ ගුරු කුල විද්‍යාලය නිසා. පාසල් යන කාලේ නැටුම් කලා මම.”

මේ විදියටයි සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය අදහස් දක්වලා තිබුනේ. ඉතින් මුලින්ම වේදිකා නාට්‍යය ගණනාවකට රංගන දායකත්වය ලබා දීලා තමයි ඇයට රිදී තිරයට අවතීර්ණ වෙන්න හැකියාව ලැබෙන්නේ.