ජීවිතේ මොන සැප සම්පත් තිබ්බත් පවුලක් සම්පූර්ණ වෙන්න දරුවෙක් ඉන්න ඕන
පුංචි තිරයේ විවිධ චරිත රංගනය කල ඇය සුරූපි මහේෂි මධුසංකා. ඇය කාලයක සිට අපේ රංගන ක්ශේෂ්ත්‍රය තුළින් සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලබපු දක්ෂ ආදරණීය රංගන ශිල්පිනියක්. මහේෂිව මේ දිනවල පුංචි තිරය හරහා දැක ගන්න පුලුවන් ‘මැස්සා’ ටෙලිනාට්‍යය හරහා. ඒ වගේම මහේෂි කියන්නේ සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතා බහටලක් ලක් වෙන චරිතයක්.

මහේෂි මධුසංකා ගැන පසුගිය දා කතා කරන්නට වුණේ ඇය ලයිව් එකක් ඇවිත් කියපු දේ නිසා. ඇයට රූපවාහිනී නත්තල් සාදයකට ආරාධනා කරලා ඇය වෙනත් කෙනෙකුගේ සාදයකට ගිය නිසාවෙන් ඇයට කල ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබුණා. ඉතින් මේ කතාව නිසා ගොඩක් ප්‍රේක්ෂකයින් ඇය ගැන කතා කරන්නට වුණා.
මහේෂි කියන්නේ මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඇය උතුම් මව් පදවිය ලැබුවායින් පසුව සිදු වුණු දේවල් ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මට මුල් මාස තුනේදි මොකුත් කන්න හිතුනෙ නෑ. ඊට පස්සෙර් මම ආස වුණේ කෙහෙල් කොලේ හරි නෙලුම් කොලේ හරි බත් කන්න. අපේ අම්මා ඉතින් හදලා දෙනවා. මමනම් කියන්නේ අපිට කොයි තරම් සැප සම්පත් තිබුණත් සල්ලි තිබුණත් පවුලක් සම්පූර්ණ වෙන්න අනිවාරෙන් දරුවෙක් ඉන්න ඕන පවුලකට. ඒ මතේ මම ඉන්නේ. නමුත් එහෙම නෑ කියන අයත් ඉන්නවා.”
මේ විදියටයි පුංචි තිරයේ හැඩ මවන මහේෂි මධුසංකා අදහස් දක්වලා තිබුණේ.