Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නගෙ නොගැලපීම්, හිත් රිදීම් නිසා අපි වෙන් වුණා, මේවා ප්‍රේක්ෂකයන්ගෙන් හංගලා වැඩක් නෑනේ, මම එයාට සුබ පතනවා

කලා ලෝකයේ කොයි කවුරුත් ආදරය කරන ගෞරව කරන ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. ඔහු කලා කෙත අස්වද්දන මහා රංගධරයෙක්. එතුමාගෙන් කලාවට සිදු වූ සේවය අප්‍රමාණයි. ඉතින් ජැක්සන් ඇන්තනී අපේ ආදරණීය කලා කරුවා පසු ගිය දා හදිසි අනතුරකට ලක් වෙලා තවම රෝහල් ගත කරලා ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔහුට වඩාත් සමීප සහ ඇන්තනී පවුලේ එකම දුව මාධවී වත්සලා ඇන්තනී කියන්නේ ඇගේ අප්පච්චිව අදහන ආදරණීය දුවක්. ඉතින් මාධවී මේ දිනවල පුංචි තිරය හරහා ආදරණීය රසික ජනතාවට දැක බලා ගන්න පුලුවන්. ඒ ‘චන්දෝලී’ ටෙලිනාට්‍යය හරහා.

මේ විදියට කලා කටයුතුවල නියැලිලා ඉන්න මාධවීගේ ගීතයක් වන ‘අපි තමයි අපිව දන්නේ’ ගීතයත් ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළදගෙන තියෙනවා. ඉතින් රංගනය, ගායනය, නිවේදනය කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකම දක්ෂතා දක්වන ඇය ගැන සමාජ මාධ්‍ය හරහා වැඩිපුර කතා කරන්නට වුණා. ඒ ඇගේ විවාහයෙන් ඇය වෙන් වූ පුවතක් හේතු කරගෙන. ඉතින් ඒ ගැන ඇත්තම මේ විදියටයි මාධවී ඇන්තනී එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම බොරුවට ඒක ගැන ප්‍රේක්ෂකයන්ගෙන් හංගලා තේරුමක් නෑනේ. අපිදෙන්නගෙ නොගැලපීම්, හිත් රිදීම් නිසා අපි වෙන් වෙන්න තීරණය කලා. මුල් ඉදන්ම අපි අපේ නොගැලපීම් නිසා හිත් පීඩා වින්දා. මෙහෙම වෙන් වුණු පළමු කෙනා මම නෙමෙයිනේ. මම ඔහුගේ අනාගතයට සුබ පතනවා.”

මේ විදියටයි මාධවී ඇන්තනී ඇගේ දික්කසාදය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *