Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කසුන් මාව පියෙක් වගේ බලා ගන්නවා, අප්පච්චි ඇරුණම මට ඉන්නේ එයා විතරයි

මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘චන්දෝලි’ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙන ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියනිය මාධවී වත්සල. තම පියාගේ කලා හැකියාව ඒ විදියටම පිහිටලා තියෙන මාධවී ගීත රචනයට, නිවේදනයට, ගායනයට, රංගනයට කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකටම ඉතා දක්ෂතා දක්වන කෙනෙක්. ඇය රංගනය කරන ටෙලිනාට්‍යය වගේම ඇගේ ගීත නිර්මාණත් කාලෙන් කාලෙට අපිට අහන්න දකින්න ලැබෙනවා.

ඉතින් ඇන්තනී පවුලේ එකම බලාපොරොත්තුව ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවයයි. එය අපේක්ෂාවෙන් සිටින ඇන්තනී පවුලේ සියලුම දෙනා මේ වන විට සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. ඉතින් සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතා බහට ලක් වෙන ඇන්තනී පවුලේ මේ දිනවල ගොසිප් වැඩිපුර නිර්මාණය කරන්නේ මාධවී.

ඇගේ පළවෙනි විවාහයෙන් පස්සේ ඇය දෙවැනි විවාහයට පිවිසියත් එයත් ඉතා අවාසනාවන්ත විදියට දෙදරා යාමත් එක්ක මාධවීට පෙම් බදින තවත් තරුණයෙක් ගැනයි මේ දිනවල මාධ්‍ය වැඩිපුර කතා බහට ලක් වෙන්නේ. ඉතින් ඒ ගැන සත්‍ය අසත්‍යතාවය ගැන මාධවී ඇන්තනී එක්තරා පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” කසුන් මහේන්ද්‍ර හීනටිගල කිව්වම ඔහුව නොදන්න කෙනෙක් නෑ. අපි දෙන්නා කාලයක ඉදලා යාලුවෝ. ඉතින් මම අසරණ වුණු මම තනිවුණු තැනකදි එයා මට යෝජනාවක් ගේනවා. මම ඒකට කැමති වෙනවා. මගේ ජීවිතේ බිංදුවටම වැටුණු තැනකදි තමයි ඔහු මට පිහිටක් වෙන්නේ. එයා මාව පියෙක් වගේ බලාගන්නවා. මගේ අප්පච්චි ඇරුණම එයා තනයි මට ඉන්නේ. ඇස්වහක් කටවහක් නෑ එයා නිසා මට අද ජීවිතේ බරපතලකමක් දැනෙනවා. ‘’

මේ විදියටයි මාධවී ඇගේ අලුත් පෙම ගැන කියලා තිබුණේ. ඉතින් මාධවී තබන්නට හදන අලුත් පියවරට අපිත් සුබම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *