මගේ කාර් එක ගොඩක් හැඩි වෙලා තියෙන්නේ, කසුන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි
අපේ රටේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න මහා රංගධරයෙක් වන ජැක්සන් ඇන්තනී ආදරණීය කලා කරුවගේ එකම දියනිය තමයි මාධවී වත්සලා කියන්නේ. ඇය ගායිකාවක්, රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකටම දක්ෂතා දක්වන ඇය අපූරූ කාන්තාවක්. නිර්මාණාත්මක අදහස් තියෙන මාධවී වත්සලා ගැන මේ වන විටනම් හැමෝම වගේ කතා බහ කරනවා.

ඒ ඇය ඇගේ දෙවැනි විවාහයටත් සමු දීලා ඉන්න නිසා. ඉතින් මාධවී මේ වන විට ආදරය කරන ඇගේ ප්‍රේමවන්තයා තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ. රචකයෙක් වන කසුන් ආදරණීය වදන් ඇති හොද නිර්මාණ බිහි කරන කෙනෙක්. ඉතින් කසුන් මාධවී ආදරය නිසා දුකින් ඉන්න අවස්ථාවකදී කාන්තාරයට මහ වැස්සක් වගේ ආදරය දෙනවා.
ඉතින් වෙනත් පිරිමියෙකුට හා සමානකමක් නොදක්වන ගති ගුණ කසුන්ගේ තියෙනවා කියලයි මාධවී කියන්නේ. ඉතින් කසුන්ගේ තියෙන හොද ගති ගුණ ගැන මාධවී මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මාව මේ විදියට තේරුම්ගත්ත එකම පුද්ගලයා කසුන්. වෙනත් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන මාව පහතට දාන්න පුලුවන් හේතු පවා කසුන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒකට පුංචිම පුංචි උදාහරණයක් ගත්තොත් මගේ කාර් එක ගොඩක් අපිලිවෙලයි. ඉතින් ඒක හැඩි වෙලා තියෙන්නේ. ගෙදරක් වගේ හැමදේම ඒකේ තියෙනවා. ඉතින් ඒක වෙනත් දකින කෙනෙකුට අයියෝ කියලා හිතුනට කසුන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.”
මේ විදියටයි තම පෙම්වතා කසුන් ගැන මාධවී කියලා තිබුණේ.