Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නා ඉක්මනටම එක වහලක් යටට යන්න සූදානම්, ලබන අවුරුද්දේ වගේ

කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන රචකයා පිළිබදව කවුරුත් වැඩිපුර කතා කරන්නට ඔහු ඇන්තනී පවුලේ ලොකු දුව මාධවී වත්සලා සමගින් ප්‍රේම කතාවක් පටන් ගැනීමත් එක්කයි. ක්ශේෂ්ත්‍රයට සමීප කලා කාරයෙක් වන ඔහුව වැඩිපුර ප්‍රේක්ෂකයා අතරට ගියෙත් මාධවී සමගින් ඔහු පටන් ගත්ත ආදර කතාව නිසයි.

ආදරය තුළින් ජීවිතේ කඩා වැටීම් හමුවේ ඇයට ශක්තියක් වුණු ඔහු කසුන්. ජීවිතයේ තමන්ට කෙනෙක් අවශ්‍යම මොහොතක සෙවනැල්ලක් වගේ ආදරය දුන් කසුන් මාධවීගේ ජීවිතයට පැමිණීම ඇගේ අප්පච්චී ඇතුළු සිය පවුලේම දැනුවත් වීම යටතේ සිදු වූ දෙයක් කියලයි මාධවී කියන්නේ.

ඒ වගේම මාධවී සහ කසුන් මුණ ගැහෙන්නේත් කලා නිර්මාණ සදහා කතා බහ කිරීමත් එක්කයි. ඒ විදියට මුණ ගැහිලා අද වෙන විට දෙන්නට දෙන්නා සතුටින් ආදරයෙන් කාලය ගත කරනවා. ඉතින් කසුන් මාධවී ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” ජැක්සන් ඇන්තනී කියන මහා රංගවේදියාගේ හොදම නිපැයුමක් තමයි මාධවී කියන්නේ. ඔහුගේ ඒ නිපැයුමේ භාර කාරීත්වය මට හිමි කරගන්න ලැබීම ලොකු භාග්‍යක්. ඉතින් අපි දෙන්නා ඉක්මනටම එක වහලකට යන්න සූදානම්. ලබන අවුරුද්දේ වගේ.”

මේ විදියටයි කසුන් ඇගේ අනාගත බලාපොරොත්තු ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *