Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කිප දෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වුනාම තමයි තමන්ට හයියක් වෙන කෙනෙක් ළගට යන්නේ

ජැක්සන් ඇන්තනී ඒ මහා රංගධරයාගේ ආදරණීය එකම දියනිය තමයි මාධවී වත්සලා කියන්නේ. ගායනයට, නිවේදනයට, රංගනයට කියන මේ හැම ක්ශේෂ්ත්‍රයකටම එක හා සමාන ලෙස දස්කම් දක්වන මාධවී ගැන මේ වන විට අහන්නට ලැබෙන්නේ ඉතාම සතුටු පුවතක්.

ඉතින් විවහා දෙකකින් අසාර්ථක වෙන මාධවීට හයියක් වෙන ඇගේ දුකේදී සැපේදී ඇය ළගින්ම ඉන්න කෙනා තමයි ඇගේ දැන් ඉන්න පෙම්වතා. අලුතෙන් පෙම් කතාවක් පටන් ගත් නිසා මාධවී ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා. ඉතින් කලා ක්ශේෂ්ත්‍රය තුල විවිධ දක්ෂතා දක්වන මාධවී ඇගේ සැබෑ ජීවිතය තුළ විවිධ ප්‍රශ්න ගණනාවකටම මුහුණ දෙන්න සිදු වෙනවා.

ඉතින් ඇගේ අලුත් ප්‍රේමය ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල. එයා මාව හොදටම තේරුම් ගත්ත කෙනෙක්. මගේ හැමදේටම මගේ පිටු පසින් සිටින කෙනෙක්. අනික මාව ප්‍රතික්ෂේප වුනාම මට හයියක් වුණෙ එයාව. එයා තමයි මාව නගා සිටුවන කෙනා. ඉතින් කසුන් මට ඕන. කසුන්ට මාව ඕන. අපි දෙන්නට දෙන්නා ආදරෙයි. අපිට සුබ පැතුම් එකතු කරන අයට බොහොම ස්තූතියි.”

මේ විදියටයි ජැක්සන් ඇන්තනී කලා කරුවාගේ එකම දියනිය මාධවී ඇගේ පෙම්වතා ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *