Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මාධවී සංසාරේ පුරාවට මාව පතාගෙන ඇවිත් තියෙන්නේ, අම්මා කෙනෙක් වගෙ මාව බලා ගන්නවා

ගීත රචකයෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදියට හදුනාගන්න ඒ නිර්මාණ ශිල්පියා තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නෙ. ඉතින් කසුන්ගේ අධ්‍යක්ෂණයෙන් කල ටෙලි නිර්මාණයක් ඉදිරියේදී එන්න නියමිතව තියෙනවා. ඉතින් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන්ගේ අනාගත බලාපොරොත්තුව තමයි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වීම.

කසුන් ගැන වැඩිපුර මාධ්‍ය කතා කරන්නට වුණේ ඔහු මහා රංගධර ජැක්සන් ඇන්තනීගේ එකම දියනිය මාධවී වත්සලා සමගින් ප්‍රේම සබදතාවයක් පටන් ගැනීමත් එක්කයි. ඉතින් මේ නිසාම කසුන් ගැන හැමෝම හොයන්නට වුණා. මේ ආදර පලහිලව්ව ගැන කසුන් මහේන්ද්‍ර මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මාධවී මට මුණ ගැහෙන්නේ සංසාරයේදීමයි. අපි දෙන්නා සංසාරේ පතාගෙන එන දෙන්නෙක්. මගෙයි මාධවීගෙනුයි බිහිවුණු පළමු දරුවා අපි තමයි අපිව දන්නේ ගීතය. මාධවී කියන්නේ මාව අම්මෙක් වගේ බලාගන්න කෙනෙක්. ඇය හරිම කරුණාවන්තයි. ඒවගේම ඇගේ හිතේ බොරුව අන්තර්ගත නෑ.

මාධවී හදන කෑම වලින් මම කන්න ආසම කිරිබත්. අපේ සම්බන්ධය ගොඩනැගීම මූලික වෙන්නත් කිරිබත් සම්බන්ධ වෙනවා. මාධවී හදන කෑමවලට මම බොහොම ප්‍රියයි. එයාට ඉක්මනට කෑම හදන්න පුලුවන්. ‘’

මේ විදියටයි මාධවී ගැන ඇයගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *